Author: LFN

අද (9) බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හැරෙන්න දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

Read More

හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඕපනායක පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි. මෙම දරුවා දෙමාපියන් සමඟ හෝටලයට පැමිණ ඇති අතර මිතුරන් සමඟ පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කරමින් සිටින අතරතුර මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

කොළඹ වරාය බහාලුම් අංගනයේදී බහාලුමක් ප්‍රයිම් මූවර් රථය මතට වැටීමෙන් සිදුවූ අනතුරකින් ප්‍රයිම් මූවර් රථයේ සිටි රියදුරු මියගොස් තිබේ. කොළඹ වරාය බහාලුම් අංගනයේදී ප්‍රයිම් මූවර් රථයකට බහාලුමක් පැටවීමට යාමේදී එම බහාලුම තවත් බහාලුමක ගැටී එය මෙලෙස ප්‍රයිම් මූවර් රථය මතට වැටී තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සිදුවූ මෙම අනතුරින් ප්‍රයිම් මූවර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවය. මරණකරු වයස අවුරුදු 36ක් වූ දැදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බහාලුම පැටවීම සිදු කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ (08) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 37ක් වන සැකකරු මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අලුත්ගම ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද (9) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ. අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත. වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇය තුවාල ලබා රෝහල්ගත කර තිබේ. කුඩා වෑන් රථය ගැටී ඇත්තේ මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක බවද වාර්තා වෙයි.

Read More

මෙතෙක් අපරාධ සදහා යොමු නොවූ තරුණ පිරිස් එවැනි ක්‍රියා සදහා යොමු වීමේ ප්‍රවණතාවක් වර්තමානයේ නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යය, අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා පවසයි. පසුගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් හා මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණවලදී මේ පිලිබදව අනාරණයවී ඇති අතර මසකට තරුණයින් 40දෙනෙකු පමණ අළුතින්ම අපරාධ සදහා යොමුවන බව ධම්මික බණ්ඩාර මහතා පැවසීය. එමෙන්ම රට තුළ සිදුවන අපරාධ පිළිබදව ජාත්‍යන්තරය සමඟ සැසදීමේදී එය යම් මට්ටමක ඉහළ යාමක් පෙන්නුම් කරන බවද අපරාධ විද්‍යා විශේෂඥ D.M.S ධම්මික බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය. “මෙම මාස කිහිපය ඇතුළතදී අලුතින් අපරාධකරුවන් වීමේ ප්‍රවනතාවයක් 40-50ත් අතර…

Read More

බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයා ‘කුඩු චතූ’ නැමැත්තාගේ පාර්ශවයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ. එමෙන්ම වෙඩි ප්‍රහාරය ‘කුඩු දුමින්ද’ගේ පාර්ශවයෙන් එල්ල කර ඇතැයි ද පොලීසියට සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 23න් හැවිරිදි තරුණයා සුරේෂ් මදුෂාන් නොහොත් ‘පකඩයා’ නම් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ‘කුඩු චතූ’ නැමැත්තාගේ මත්කඩු ජාලයේ අයෙක් බවත් මීට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණ සිටි බවත් පොලීසිය පැවසීය. තුවාල ලැබූ සෙසු පිරිස බොරැල්ල, සිරිසර උයන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 21ත් 23ත් අතර පසුවන්නන්ය. විදෙස්ගතව සැඟව සිටින ‘කුඩු චතූ’ නැමැත්තාගේ සහෝදරයා සිරිසර උයන ක්‍රීඩාංගණයේ අද…

Read More

වසර 13ක් පුරා රටේ ජනතාව නොමඟ යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරුණු කටකතා වෙනුවට සත්‍ය අනාවරණය වී තම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සුප්‍රීම් සැට් පෞද්ගලික සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ආර්.එම්. මනිවන්නන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, නිරන්තරයෙන් සුප්‍රීම් සැට් රටේ ප්‍රගමනය වෙනුවෙන්, නවෝත්පාදන ක්ෂේත්‍රයට දායකත්වය දක්වමින් තවදුරටත් සමාගමේ කීර්ති නාමය තව දුරටත් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ කොටස්කරුවෙකු ලෙස ඉදිරියටත් කටයුතු කරන බවය. එමෙන්ම නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව ජනතාව නොමඟ යවමින් සිය දේශපාලනය කිරීමට වෙර දරන පිරිස් හා ඔවුනගේ පදනම් විරහිත හිස් ප්‍රකාශ සම්බන්ධයෙන් තම සමාගම දැඩිව කනගාටුව ප්‍රකාශ කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත්…

Read More

ඌව පළාත් සභාවට දැරිය නොහැකි අධික වියදමක් ඇති සියලුම වාහන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට තීරණය කර තිබේ. එම පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන මෙලෙස විකිණිම සදහා මිල ගණන් කැඳවා ඇති බව බදුල්ල නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය පවසයි. ඒ අනුව අදාළ වෙන්දේසිය අගෝස්තු 25වනදා පැවැත්වීමට නියමිතය.

Read More

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ප.ව. 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More