Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට තුළ දරුවන් 14,834ක් අනාරක්ෂිත තත්ත්වයෙන් පසුවන බවට අනාවරණයක්
    Featured

    මෙරට තුළ දරුවන් 14,834ක් අනාරක්ෂිත තත්ත්වයෙන් පසුවන බවට අනාවරණයක්

    By LFNAugust 29, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834ක් පමණ වාර්තාවී අති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්‍රික් බහු පාර්ශ්විය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනුරුත්ථාපන වැඩසටහනේදී මේ බව අනාවරණය කෙරුණි.

    පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක සඳහන් කළේ,

    “අවදානම් ළමයින් සම්බන්ධයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම පොලිස් ස්ථානවලින් මේ වෙනකොට ළමයින් හඳුනගෙන අපිට යොමු කරපු ප්‍රමාණයකුත් ඉන්නවා. මේකෙදී අපි දකින ලොකුම ගැටලුව තමයි හැම තැනම අන්තර් සම්බන්ධීකරණය වෙනවා අඩුවීම. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වගේ ඒකට බඩෝවිට සහ තවත් ප්‍රදේශවලට නිලධාරීන්ටවත් යන්න පුළුවන්කමක් නැහැ. ළමයා ගොඩනගනවා වගේම පවුල කේන්ද්‍ර කරගත් රැකවරණ සැලැස්මක්, සංවර්ධන සැලැස්මක් සකස් කරලා අපි සියලු පාර්ශ්ව එකතුවෙලා වැඩ කළොත් හොඳයි කියලා තමයි මම යෝජනා කරන්නේ.”

    මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ,

    “ඇත්ත කතාව.. පොලීසිය කියන තොරතුරු අනුව.. කවුරුවත් මේකට ගිහින් හොයලා බලන්නේ නැහැ. ඔය කියන කතාව මම පිළිගන්නේ නැහැ. හේතුව මේ අය අතිශය අනාරක්ෂිත තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේකට සක්‍රීය වැඩසටහනක් අවශ්‍යයි. මෙතනින්නේ පාතාලය නිර්මාණය වෙන්නේ. අවුරුදු 15වේ අය ඉන්නවා දැන් පාතාලේ. දරුවන් පාසල් යන්නේ නැතුව ඉන්නකොට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ඇවිත් ඩැහැගෙන යනවා. මේ රටේ ඕන තරම් ආයතන තියෙනවා දරුවන් ගැන වැඩකරන. මේක ඔහොම හඳුනාගෙන ඉන්නවා ඉන්නවා කියන එක හරියන්නේ නැහැ. මම කියන්නේ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මේකට සක්‍රීය වැඩසටහනක්.. නිශ්චිත ආයතනයක් අවශ්‍යයි. මේකට සල්ලි..ජනාධිපතිතුමාට කිව්වොත් ඕන තරම් සල්ලි දෙයි.”

    නුගේ‍ගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතා මෙලෙස අදහස් දැක්වීය.

    “මේ ළමුන් අනාරක්ෂිත වෙලා තිබුණේ මව්වරුන් විදේශගතවීම නිසා. වර්තමානයේ ඒක වෙනස්වෙලා තියෙනවා.. ගොඩාක් මව්වරු ලංකාවේ ඉන්නවා හැබැයි ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවෙලා. උදේට දරුවන්ට පාසල් යන්න ඒ අය අවදි වෙන්නේ නැහැ. එවැනි හේතු ගොඩාක් බලපාලා තියෙනවා. ඔබේසේකරපුර.. වැලිකඩ පොලිස් වසම පිටුපස අපි මෙවැනි තත්ත්වයන් හඳුනගත්තා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.