Author: LFN

සමානත්මභාවයෙන් හා ගුණාත්මකභාවයෙන් පිරි සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි නව අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. ලංකා සභා කොළඹ දියෝකීසියයේ රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇය මේ බව පැවසුවාය. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැණුන අතර උපදේශක කමිටුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය යෝජනා ද අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

Read More

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත. සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි. 2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය…

Read More

ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, “බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඒ ගම්මට්ටමට යන්න අවස්ථාව හදන්න ඕනේ. නිලධාරීන්ට යන්න එන්න අවස්ථාවක් හදන්න ඕනේ. වාහන ටික ඕනේ. යන්ත්‍රසූත්‍ර ටික ඕනේ ඒ නිසා අපි තීන්දුවක් ගත්තා නව රජය විසින් ලබන වසරේ පළාත් පාලන ආයතන තුළ විතරක් නෙමෙයි මේ රටේ සෑම ආයතනයකම ප්‍රධානීන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් සඳහා කැබ් රථ 2000ක්…

Read More

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබාගත් චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ (29) සවස සිදුකළ වැටලීමකදි මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සුරාබදු නිලධාරීන් තිදෙනා මාදගල් ප්‍රදේශයේ වෙරළ තීරයකදී හොරයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව තමන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් බව පවසා තිබේ. පසුව ඔහුව චන්කානෙ හි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා ඇති සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක්…

Read More

මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම ජාතික රෝහල වන මහනුවර ජාතික රෝහල ශික්ෂණ රෝහලක් ලෙසද ප්‍රචලිතය. එහි වාට්ටු 80ක්, දැඩි සත්කාර ඒකක 11ක් සහ අනෙකුත් ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබේ. දිවයිනේ නන්දෙසින් පැමිණෙන විශාල රෝගීන් ප්‍රමාණයක් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නා මෙම රෝහල තවත් දියුණු කළ හැකිවුවත් ඊට බාධා මතුව ඇත. ඒ රෝහල සතු ඉඩම්වල පුද්ගලයින් අනවසරයෙන් පදිංචි වී සිටීම හේතුවෙනි. රෝහල…

Read More

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වූයේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව බවය. එමෙන්ම පාතාල අපරාධවලට තවදුරටත් මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට දැන් කාලය එළැඹ ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ”ප්‍රධානපෙළේ අපරාධ කල්ලියක් වශයෙන් කටයුතු කරපු, කෙහෙල්බද්දර පද්මේ…

Read More

රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් පසුගිය 27 සහ 29 දෙදින තුළ මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් මෙම තොගය නාවික හමුදා භාරයට ගැනීමට හැකිව ඇත. මේ සමග සැකකරුවන් 05 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 19ත් 56ත් අතර පසුවන්නන් බවද නාවික හමුදාව පවසයි. මේ සමගම අදාළ කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ බව කියන ඩිංගි යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. අදාළ ඩිංගි යාත්‍රා දෙක, කේරළ ගංජා තොගය…

Read More

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානයක්ද සිදුකළේය. එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය. පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එන ලදි. එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා…

Read More

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (31) පැවැත්වේ. හරාරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 1ට ආරම්භවීමට නියමිතය. ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග 2කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව මේ වනවිට 1ට බින්දුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ පෙරමුණ ගෙන සිටී. ශ්‍රී ලංකා කණ්ඩාය අද තරගයට පිවිසින්නේ දෙවැනි තරගයත් ජයගෙන එක්දින තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය ගැනීමේ අරමුණ ඇතිවය. කෙසේ වෙතත් පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක් වු නිෂාන් මදුෂ්ක වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු අද තරගය සඳහා එක්වීමට…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More