Author: LFN
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (01) ප.ව. 03.30 ට නිකුත් කරන ලද එම නිවේදනය 02 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී ඇත. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවය.
තවදුරටත් රට තුළ යුද අනතුරක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ආරම්භ කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක්වෙමිනි. මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියර සංකේතාත්මකව ආරම්භ කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී අත්‍යවශ්‍ය පහසුකම්, ශීතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර තිබේ. මේ සඳහා රජය මේ වසරේ වෙන් කර…
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි නම කියැවුණු ඉෂාරා සෙව්වන්දි නම් තැනැත්තිය රටින් පලාගොස් සිටින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු අනාවරණය වී තිබේ. ඒ පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය. ශ්‍රී ලංකා පොලිසිය, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුගියදා අත්අඩංගුවට ගැනුණු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිස මේ වනවිට පැය 72ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටී. ඔවුන් අතරින් මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර…
අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ අවස්ථාවේ සිට රොහල්ගතවූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තූතිය පුද කර තිබේ. අද (01) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි සියලු පාර්ශව වෙත සිය ස්තූතිය පුදකර සිටින බවය. එමෙන්ම පසු අවස්ථාවකදී සියලු පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද හිටපු ජනාධිපතිවරයා නිකුත් ප්‍රකාශයේ සඳහන්ව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගි වීමට නියමිතය. යාපනය, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වන අදියර අද (01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ. මේ යටතේ උතුරු පළාතේ ධීවර ප්‍රජාවට මෙන්ම, නැගෙනහිර සහ දකුණු පළාත්වල සිට පැමිණෙන ධීවර බෝට්ටු සඳහාද ජලය, විදුලිය, ඉන්ධන ආදී මූලික සහ අත්‍යාවශ්‍ය පහසුකම්, ශිතාගාර පහසුකම්, දැල් සැකසීමේ මධ්‍යස්ථාන පහසුකම්, වෙන්දේසි ශාලා පහසුකම් සහ ගුවන් විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පහසුකම්ද සලසා දීමට සැලසුම් කර ඇත. ධීවර වරායේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවෙන් පසුව එම ස්ථානයේ පැවැත්වෙන ජන හමුවකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය. මේ…
ඉන්ධන මිල සංශෝධනය කළද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි.
පොල්පිතිගම – පතිරැන්නේගම ප්‍රදේශයේ දී පිරිමි දරුවෙකු වගා ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ දරුවා ප්‍රතිකාර සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මිය ගොස් ඇති බව සඳහන් වේ. මියගිය දරුවා වයස අවුරුදු 06ක් වූ වෙල්පිටිය, මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඔහු තනිව සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස තිබූ අනාරක්ෂිත වගා ළිඳට වැටී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ දින සිදුව ඇති බවය. ඒ අනුව ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ 09 ඇල ප්‍රදේශයේදී මොරකැටිය දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු සහ ඔහුගේ බිරිඳ සහ යතුරුපැදිකරු මෙන්ම පසුපැදිකාරිය ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රී රෝද රථ රියදුරු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 75ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම හික්කඩුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පන්නම්ගොඩ ප්‍රදේශයේදී හික්කඩුව…
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය. හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි. සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ ඊයේ (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාණ්ඩායමට හිමි වේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය. පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය. ඒ…