Author: LFN
159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් හෙට (03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එම රථවාහන සැලැස්මට අනුව බම්බලපිටිය පොලිස් වසමේ තුම්මුල්ල හන්දියේ සිට තිඹිරිගස්යාය හන්දිය දක්වා හැව්ලොක් මාර්ගයේ රථවාහන ගමනාගමනය පහත පරිදි සිදුකිරීමට කටයුතු යොදා ඇති බව පොලීසිය නිවේදනය කරයි. පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය ඉදිරිපිට කොළඹින් පිටවීමේ මාර්ගයේ ස්ථාපිත කර ඇති බස් නැවතුම 2025.09.03 වන දින පස්වරු 02.30 සිට පස්වරු 07.00 දක්වා තාවකාලිකව හැව්ලොක් පාර ෆොන්සේකා පාර හන්දියේ පිහිටි බස්නැවතුම වෙත රැගෙන යාම. 2025.09.03 වන දින පස්වරු…
පානදුර මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි රෝගියෙකු කළ පහරදීමකින් හෙදියක රෝහල් ගත කර තිබේ. පහරදීමෙන් පසු රෝගියා පලාගොස් ඇති බව වාර්තා වෙයි. මෙසේ රෝහල් ගත කර ඇත්තේ මූලික ප්‍රතිකාර ඒකකයේ රාජකාරි කරන හෙදියකි. පහරදීම සිදුකළ රෝගියා ඇද වැටීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබාගැනීම සඳහා පානදුර මූලික රෝහලට පැමිණ ඇති අතර, ඔහු බීමතින් සිට ඇති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. ඔහු පරුෂ වචනයෙන් රෝහල් කාර්ය මණ්ඩලයට බැණ වැදී සිට ඇති අතර, පහර කෑමට ලක්වූ හෙදිය ඒ බව රෝහල් පොලීසියට දැනුම් දී නැවත මූලික ප්‍රතිකාර ඒකකයට පැමිණෙන අතරතුර රෝගියා ට්‍රොලියෙන් බැස හෙදියට පහර ඇති බව වාර්තා වෙයි. මෙසේ පහරදී පලා ගොස් ඇත්තේ මොරටුව,…
ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව, ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් රෝගී වූ 30 ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. එම පවිත්‍රාගාරයේ ක්ලෝරින් නළ පද්ධතියෙන් මෙම වායුව කාන්දු වී පරිසරයට නිකුත්ව ඇති බව හෙළි වී තිබේ. මේ අවස්ථාවේ එම වත්තේ සේවය කරමින් සිටි කම්කරුවන්ට මෙම විෂ වායුව ආඝ්‍රාණය වී ඇති අතර ඉන් කිහිපදෙනෙකුම බිම වැටී සිටියදී රෝහල් ගත කළ බව එහි සේවකයෝ පවසති. ජල පවිත්‍රාගාරයේ අසල ඇති තේ වත්තේ තේ පඳුරු දහසක් පමණ ද මෙම වායුව වැදීම සමග මැලවී ගොස් ඇති අතර ටැංකිය අසල වැඩ කරමින් සිටි වතු සේවක පිරිසකට මෙම වායුව…
බටහිර සුඩානයේ මාරා කඳුකර කලාපයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඩාෆූර් ද අයත් එම කලාපය පාලනය කරන සුඩාන විමුක්ති පෙරමුණු හමුදාවට අනුව මෙලෙස මෙම නායයාමෙන් දිවිගලවාගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බව වාර්තා වේ. නායයාම සිදුව ඇත්තේ පසුගිය අගෝස්තු 31 වනදා වුවත් ඒ සම්බන්ධ නිල වාර්තා අනාවරණ වී ඇත්තේ අද දිනය. මියගිය පිරිසගේ සිරුරු ගොඩගැනීමට එක්සත් ජාතින්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සහන අංශවල සහාය හිමිව තිබේ.
මේ වසරේ පළමු මාස 07 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 49 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ කාලසීමාව තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභා වෙත පැමිණිලි 3,937ක් ලැබී ඇති අතර එම පැමිණිලිවලින් වැටලීම් 72ක් සිදුකර ඉන් 39ක් සාර්ථක කර ගැනීමට හැකිවී ඇති බවය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් වන අතර පොලිස් නිළධාරීන් 17 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අධිකරණ අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ලංකා ගමනා ගමන මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල යන රාජ්‍ය ආයතනවලින් ද සැකකරුවන්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 74 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ. සිය සංවත්සර සැමරුම් උත්සවය පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. “මෙවර අපි 74 වන සංවත්සරය සමරන්නේ, පක්ෂ මුලස්ථානයේ. ඒ සඳහා අපි ආසන සංවිධායකවරු, ඒ වගේම පක්ෂයේ ක්‍රියාකාරීන් සඳහා අපි ආරාධනා කරලා තියෙනවා. මං හිතන්නේ පහුගිය කාලයේ දේශපාලනය ගැන කතා කරොත් සියලුම දේශපාලන පක්ෂ දැන් නැවත ප්‍රතිසංවිධානය කරමින් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි සංවත්සරයත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වගේම අපි දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් පැවැත්වීම, ආසන බලමණ්ඩල සංවත්සරයෙන් පසුව…
අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ. සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ. අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම පසුගිය දිනවල සිදුවූ අතර ඒවා කඩිනමින් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ. අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු මහෙස්ත්‍රාත්වරු, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණවල සේවය කරනු ලබන අතිරේක දිසා විනිසුරුවරුන් මෙන්ම අතිරේක දිසා විනිසුරුවරුන් තමාගේ අධිකරණයේ පවතින නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සෘජු වගකීමට යටත් වන බව එම…
රෝහල් අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් අද (02) දිනයේ රත්නපුර ශික්ෂණ රෝහලේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යංශය මීට පෙර එකඟතාව පළකර තිබුණ ද එම එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. එමනිසා අද උදෑසන 08 සිට හෙට උදෑසන 08 දක්වා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රත්නපුර ශික්ෂණ රෝහලේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. රෝහල තුළ හදිසි සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා එලෙසම පවත්වාගෙන යනු ලබන අතර දෛනික ප්‍රතිකාර සේවාවවන් සියල්ල අඩාල වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක් තද සුළං ඇතිවිය හැකිය. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දිනයේ (02) දහවල් 12:10 ට ආඬිගම, බලල්ල, මීගස්වැව, බඹරගස්වැව, බකමූණ, අරලගංවිල, චෙන්කලඩි, එරාවුර්…
මාසික මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදුනොවන බව එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ.පීරිස් මහතා පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.