Author: LFN

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබේ. රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක්ද අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය. මේ අතර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

Read More

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය ඊයේ (28) පස්වරුවේ නම් කළේය. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත. මෙම සංචිතයට වනිඳු හසරංග ඇතුළත් වුවත්, ඔහුගේ සහභාගිත්වය තීරණය වන්නේ ශාරීරික යෝග්‍යතාව මත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සැප්තැම්බර් 13වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය. ශ්‍රී ලංකා සංචිතය 1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7.…

Read More

හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (28) දහවල් මෙම මාරක රිය අනතුර සිදුවූ බවෙ වාර්තාවේ. වව්නියාව සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ පාලමක ආරක්ෂිත වැටෙහි ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අදාළ අනතුරින් පාසල් අවසන් වී නිවස බලා යමින් 10 හැවිරිදි හැවිරිදි පාසල් සිසුවියක් සහ 27 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. 27 හැවිරිදි පුද්ගලයා ලොරි රථයේ රිය සහායක ලෙස කටයුතු කල පුද්ගලයා බව වාර්තා වෙයි. ලොරි රථයේ ගමන්කළ රියදුරු හා තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා හොරොව්පතාන රෝහලට…

Read More

රුසියාව ඊයේ (27) රාත්‍රියේ යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 38කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 600කට ආසන්න සංඛ්‍යාවක් සහ බැලිස්ටික් හා කෘෘස් මිසයිල 30කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන තිබූ නමුත් ඉන් බහුතරයක් විනාශ කිරීමට හැකිවූ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි. පසුගිය ජූලි 31වැනිදාට පසු යුක්‍රේනයට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බව වාර්තා වෙයි.

Read More

අද (29) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ද වයඹ පළාතේ වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. තද සුළං හේතුවෙන් ඇතිවියහැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර සූර්යයා දෘශ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (29) දහවල්…

Read More

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙවර ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker Report Cards 2025) ‘A’ශ්‍රේණියක් ලබාගැනීමට සමත්ව තිබේ. මෙම ඉහළම මට්ටමේ පිළිගැනීමත් සමග නන්දලාල් වීරසිංහ මහතාගේ නාමයද ලොව පුරා සිටින ගෞරවනීය ප්‍රභූ මහ බැංකු අධිපතිවරුන් අතරට එක්ව ඇත. ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේ දී මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය සහ උපායමාර්ගික දැනුම සැලකිල්ලට ගෙන ඔහුට මෙම ‘A’ශ්‍රේණිය ලබා දී තිබේ. මෙම ග්ලෝබල් ෆිනෑන්ස් වාර්ෂික මහ බැංකුකරු අධිපතිවරුන් ඇගැයීම 1994 සිට සිට සිදුකරන්නක් වන අතර, ඒ සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් 100කට ආසන්න මහ බැංකු අධිපතිවරුන් ඇගයීම සිදුකරනු ලබයි. උද්ධමනය පාලනය,…

Read More

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. ඒ මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 20වැනිදා නොතිසි නිකුත් කර තිබුණි. අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අපරාධ නඩු විධානසංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්‍රකාශනයක්’ නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබීය. මේ අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන්නැයි ඉල්ලා රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (28) තීරණය කළේය.…

Read More

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (28දා) දහවල් පානදුර, මෝදරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. පසුගිය 21වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් ඝාතනය වූයේ ලලිත් කුමාර කෝදාගොඩ නමැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 21 වයස්වල පසු වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබී වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරුපැදියක්, ව්‍යාජ ගමන්බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් හා ආදායම් බලපත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු යුගලයක් පොලිස් භාරයට ගෙන ඇත.…

Read More

දිවයින පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834ක් පමණ වාර්තාවී අති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්‍රික් බහු පාර්ශ්විය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනුරුත්ථාපන වැඩසටහනේදී මේ බව අනාවරණය කෙරුණි. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක සඳහන් කළේ, “අවදානම් ළමයින් සම්බන්ධයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් කටයුතු කරනවා. ඒ වගේම පොලිස් ස්ථානවලින් මේ වෙනකොට ළමයින් හඳුනගෙන අපිට යොමු කරපු ප්‍රමාණයකුත් ඉන්නවා. මේකෙදී අපි දකින ලොකුම ගැටලුව තමයි හැම තැනම අන්තර් සම්බන්ධීකරණය වෙනවා අඩුවීම. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වගේ ඒකට බඩෝවිට සහ තවත් ප්‍රදේශවලට නිලධාරීන්ටවත් යන්න පුළුවන්කමක් නැහැ. ළමයා ගොඩනගනවා වගේම පවුල කේන්ද්‍ර කරගත් රැකවරණ සැලැස්මක්, සංවර්ධන සැලැස්මක්…

Read More

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි. ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වු අතර, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මෙම අදහස් පළ කළේය. මේ වන විට පනත් කෙටුම්පතට ගෙන එනු ලබන සංශෝධන සම්බන්ධයෙන් විමර්ශනාත්මකව දෙවැනි වරටත් පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය. මෙරට බලපැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද…

Read More