Author: LFN

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩිවශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝවෛද්‍ය විශේෂඥයින් පවසයි. කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කළේ එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට නැඹුරුවන පිරිස් මුලික අදියරේදීම හඳුනාගෙන ඔවුන් නිසි මගට යොමු කිරීමට කටයුතු කළ යුතු බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා, ”ප්‍රචණ්ඩත්වය සමාජය තුළ ප්‍රශ්න විසඳගන්න භාවිත වෙනවා. සමාජ මාධ්‍ය තමා ගොඩක් දුරට වගකින්න ඕනේ සමාජය තුළ වෛරය, ප්‍රචණ්ඩත්වය පතුරුවන්න මතවාදී වශයෙන් සමාජ මාධ්‍ය මේ පසුගිය කාලය පුරාම උපයෝගී වුණා.. අද නව යෞවනයන් ගොදුරු වෙලා තිබෙනවා මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස සමාජයේ හැසිරෙන්න.. මේ නව යෞවනයන් මත්ද්‍රව්‍ය…

Read More

සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන් වේ. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ. දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා…

Read More

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. සැප්තැම්බර් මස 07 වැනිදාට යෙදී ඇති නිකිණි පොහෝ දින රාත්‍රී 8.58 සිට 8 වනදා අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. සූර්යයා හා චන්ද්‍රයා අතරින් පෘථිවිය ගමන් කරන අතර පෘථිවියෙහි වඩා අදුරු වූ පූර්ණ ඡායාව තුළින් චන්ද්‍රයා ගමන් කිරිම හේතුකොට ගෙන පැයකුත් මිනිත්තු 22ක කාලයක් චන්ද්‍රයා අදුරු වී යාම මෙහිදී සිදුවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දුන්නේය.…

Read More

සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකි බව වාර්තා වේ. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බවද එම නිවේදනයේ දැක්වේ. ඒ අනුව හෙට…

Read More

සමානත්මභාවයෙන් හා ගුණාත්මකභාවයෙන් පිරි සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි නව අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය. ලංකා සභා කොළඹ දියෝකීසියයේ රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇය මේ බව පැවසුවාය. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැණුන අතර උපදේශක කමිටුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය යෝජනා ද අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

Read More

වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී අද (31) පෙරවරු 10.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි තබා ඇත. සිද්ධියෙන් යතුරුපැදියේ පැමිණි එක් අයෙකු තුවාල ලබා පළා ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපදියෙන් පැමිණි දෙදෙනාගෙන් මිය ගිය තැනැත්තා මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව වෙන්නප්පුව පොලීසියේ අත්සන් කිරීමට පැමිණ ආපසු යමින් සිටි අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය පවසයි. 2025 සැප්තැම්බර් මස 09 වැනි දින මිය ගිය…

Read More

ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, “බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඒ ගම්මට්ටමට යන්න අවස්ථාව හදන්න ඕනේ. නිලධාරීන්ට යන්න එන්න අවස්ථාවක් හදන්න ඕනේ. වාහන ටික ඕනේ. යන්ත්‍රසූත්‍ර ටික ඕනේ ඒ නිසා අපි තීන්දුවක් ගත්තා නව රජය විසින් ලබන වසරේ පළාත් පාලන ආයතන තුළ විතරක් නෙමෙයි මේ රටේ සෑම ආයතනයකම ප්‍රධානීන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් සඳහා කැබ් රථ 2000ක්…

Read More

මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබාගත් චන්කානයි හි සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු උතුරු පළාත් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීව මහතාට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ (29) සවස සිදුකළ වැටලීමකදි මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සුරාබදු නිලධාරීන් තිදෙනා මාදගල් ප්‍රදේශයේ වෙරළ තීරයකදී හොරයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව තමන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් බව පවසා තිබේ. පසුව ඔහුව චන්කානෙ හි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා ඇති සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක්…

Read More

මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම ජාතික රෝහල වන මහනුවර ජාතික රෝහල ශික්ෂණ රෝහලක් ලෙසද ප්‍රචලිතය. එහි වාට්ටු 80ක්, දැඩි සත්කාර ඒකක 11ක් සහ අනෙකුත් ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබේ. දිවයිනේ නන්දෙසින් පැමිණෙන විශාල රෝගීන් ප්‍රමාණයක් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නා මෙම රෝහල තවත් දියුණු කළ හැකිවුවත් ඊට බාධා මතුව ඇත. ඒ රෝහල සතු ඉඩම්වල පුද්ගලයින් අනවසරයෙන් පදිංචි වී සිටීම හේතුවෙනි. රෝහල…

Read More

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ වර්ධනය වූයේ දේශපාලඥයන්ගේ ආශිර්වාදය සහිතව බවය. එමෙන්ම පාතාල අපරාධවලට තවදුරටත් මේ රටේ ජනතාව පීඩාවට පත් කිරීමට ඉඩ නොදෙන බවත් එය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට දැන් කාලය එළැඹ ඇති බවත් එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ”ප්‍රධානපෙළේ අපරාධ කල්ලියක් වශයෙන් කටයුතු කරපු, කෙහෙල්බද්දර පද්මේ…

Read More