Author: LFN

ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පවසන්නේ විනෝද චාරිකා සඳහා පමණක් භාවිත කෙරෙන බස්රථ නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කර නොමැති බවය. අදාළ මාර්ගයේ අනතුරු අවම කරගැනීම සඳහා ගත හැකි සියලුම පියවර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ගෙන තිබෙන බවද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර අනතුරට පත් බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් තිබුණි. ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග අරක්ෂාව පිළිබඳව වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ…

Read More

ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත. අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය.

Read More

සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ආරම්භ කිරීම සහ මේ වන විටත් ක්‍රියාත්මක රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන්වල දිස්ත්‍රික් මට්ටමේ ප්‍රගති සාමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. “ප්‍රජාශක්ති” වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක වන අන්දම සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, “ප්‍රජාශක්ති” මෙරට දිළිදුකම තුරන් කිරීමේ තවත් එක් වැඩසටහනක් බවට පත් කර ගැනීම වෙනුවට පොහොසත් රටක් නිර්මාණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සමඟ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ කර ගනිමින්…

Read More

ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරින් තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් ඇත. ඊයේ (04) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී තිබුණි. මෙම අනතුරින් 15 දෙනෙකු මියගිය අතර පොලීසිය සඳහන් කර ඇත්තේ අනතුරින් මිය ගිය සෙසු පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු සහ බස් රථයේ රියදුරු ද සිටින බවය. අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබේ. තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි. අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනිනිවීමේ…

Read More

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (4) රාත්‍රියේ සිදු වූ අනතුර හේතුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය. ඊට අමතරව වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමග Bell-412 වර්ගයේ හෙලිකොප්ටරයක් ද වීරවිල ගුවන් හමුදා කඳවුරේ ස්ථාන ගතකර තිබේ. අනතුරින් බරපතළ තුවාල වූ පුද්ගලයින් කොළඹට ගුවනින් රැගෙන ඒමට හෝ අවශ්‍ය ඕනෑම ගලවාගැනීමේ මෙහෙයුමකට සහාය වීම සඳහා මෙම යානා සූදානම් කර ඇත. මෙම අනතුර සිදු වූ අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රෙජිමේන්තු විශේෂ බලකායේ මුදවා ගැනීමේ කණ්ඩායමක්ද යොමුකිරීමට කටයුතු කළේය. තවද…

Read More

රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග ‘සීගිරියේ අතුරුදහන්’ නමින් පෙනී සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සීගිරිය පොලීසියට අනියුක්තව සේවය කරන උපපොලිස් පරීක්ෂකවරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ඇතුළු පිරිසක් විසින් ඊයේ (04) පස්වරුවේ සිදුකළ හදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සීගිරිය රන්ගිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු සන්තකයේ තිබී කුෂ් ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 280ක්, අයිස් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 11ක්, රුපියල් 23,000කට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන 2ක් සොයාගෙන ඇත. සැකකරු මීට පෙර ද ගංජා සමග අත්අඩංගුවට පත්ව නිදහස් වූ පුද්ගලයෙකු බව වැඩිදුර සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි . මින් එක් යුද හමුදා නිළධාරියකු නිවාඩු ලබා ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නිවසට පැමිණ සිටියදි මෙම අනතුර සැලවී අනතුර සිදු වූ ස්ථානයට පැමින දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් සමග එක්වී තුවාලකරුවන් බේරා ගැනිමට කබවල ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට යාමේදී මෙසේ මොහු සමඟ තවත් යුධ හමුදා නිළධාරියකු මෙසේ ඇද වැටී…

Read More

පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලීසිය පැවසුවේ බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් සිට ඇති අතර ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ඇති බවය. අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (04) රාත්‍රි 9ට පමණ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරනු ලැබීය.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (06) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෙ.ව 10.30 සිට ප.ව 07.30 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ. කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. එමෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත. තලවතුගොඩ, කෝට්ටේ. රාජගිරිය, මිරිහාන. මාදිවෙල, නුගේ ගොඩ. නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මුල්ලේරියාව, මහරගම. බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශ කිහිපයකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read More

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එරට බීජිං නුවර දී ඊයේ පැවැති දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්කිරීමේ 80 වැනි සංවත්සර සැමරුමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් ද එක්විය. උත්සවය පැවැති ටියන්-අන්මෙන් චතුරස්‍රයේ උත්සවය වෙත ගමන් කරමින් සිටින අතර පුටින් සහ ෂී ජනාධිපතිවරුන්, අවයව බද්ධ කිරීම මගින් වසර 150ක් ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳව සිදු කරන කතාබහක් විදෙස් මාධ්‍ය ආයතනයක මයික්‍රෙෆා්නයේ සටහන්ව තිබුණි. චීන ජනාධිපති ෂී ජින්පින් – ”අතීතයේ දී, පුද්ගලයෙකුට වයස 70ට වඩා ජීවත් වීම දුර්ලබ දෙයක්. නමුත් දැන් කියන්නේ වයස 70 තවමත් තරුණයි කියලා.” රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්…

Read More