Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
පොල්පිතිගම – පතිරැන්නේගම ප්‍රදේශයේ දී පිරිමි දරුවෙකු වගා ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ දරුවා ප්‍රතිකාර සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මිය ගොස් ඇති බව සඳහන් වේ. මියගිය දරුවා වයස අවුරුදු 06ක් වූ වෙල්පිටිය, මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. ඔහු තනිව සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස තිබූ අනාරක්ෂිත වගා ළිඳට වැටී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෘත ශරීරය පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ දින සිදුව ඇති බවය. ඒ අනුව ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය මොරකැටිය මාර්ගයේ 09 ඇල ප්‍රදේශයේදී මොරකැටිය දෙස සිට ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු සහ ඔහුගේ බිරිඳ සහ යතුරුපැදිකරු මෙන්ම පසුපැදිකාරිය ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රී රෝද රථ රියදුරු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 75ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එමෙන්ම හික්කඩුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පන්නම්ගොඩ ප්‍රදේශයේදී හික්කඩුව…
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය පැවසුවේ ඒ මහතාට අද දිනයේ පෙනී නොසිටින ලෙස දැනුම් දුන් බවය. හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණි. සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ ඊයේ (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාණ්ඩායමට හිමි වේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් පමණක් බිඳ වැටී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය. පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුශ්මන්ත චමීර කඩුලු 3ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය. ඒ…
ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. එරට බලධාරීන් වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවය. භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341කි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 299ක් වේ. ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව මිල 283ක් වේ. සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ. ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දී තිබේ. අදාළ සම්පුර්ණ නිවේදනය පහතින් දැක්වේ.
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 26ත් 29ත් අතර පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බව පොලිසීය සඳහන් කළේය. ඔවුන් දෙදෙනා අද (01) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී ද රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. වෙන්නප්පුව පොලීසිය ආසන්නයේ පිහිටි වැව පාර ප්‍රදේශයේදී ඊයේ (31) පෙරවරු 10.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත. මොටර් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයෙකු අනතුරකට ලක් කර පසුව යතුරුපැදියේ පැමිණි දෙදෙනාට තියුණු ආයුධයකින් පහරදී වෙඩි…
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ. “සෙයිරි සතිය“ නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩපිළිවෙල අද සිට දින 4ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදු කිරීමට සුදුසු පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. ඒ සදහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලෙක්ම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්…
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. ඒ අනුව ඒ මහතාට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ. සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී ඇත්තේ නිල ආරාධනයක් අනුව බවත් එය යළිත් වරක් තහවුරු කර ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක…
අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සදහන් කළේ අදාළ තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය. කෙසේ වෙතත් ආසන පටි නොමැති ඇතැම් වාහන සඳහා ආසන පටි සවිකර ගැනීමට මාස තුනක සහන කාලයක් ලබාදෙන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.