Author: LFN

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොයාගැණුනි. ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක අද පෙරවරුවේ විශේෂ වැටලීමක් සිදුකර තිබුණි. එහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බව පොලිස් නිලධාරින් පැවසීය. මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව වාර්තා වෙයි.

Read More

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාද වීම වළක්වා ගනිමින් එහි ප්‍රතිලාභ නියමිත කාලය තුළ ජනතාවට ලබා දීම අදාළ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කළ විට එය අවසන් කරන දිනය දක්වා ඉලක්කගත සැලැස්මක් ඔවුන් සතුව තිබිය යුතු බවත්ය. පසුගිය කාලයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට අවසන් නොකිරීම සහ ඒවායේ ව්‍යාපෘති කාලය දීර්ඝ කරමින්, ඇස්තමේන්තුගත වියදම ඉහළ නැංවීම හේතුවෙන් එම ව්‍යාපෘතින්හි ප්‍රතිලාභ මෙන්ම ආයෝජනය කරන මුදලේ ප්‍රතිලාභද…

Read More

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පනසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව…

Read More

පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ උදෑසන 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය පැවසුවේ මීට සති කිහිපයකට පෙර වැලි ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරින් පසු පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බවය. ඒ අනුව එම කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකරනු ලබන වාහන මාර්ගයේ ඉඩඇති ස්ථානවල නවතා තැබිය යුතු බවද දීපානී වීරකෝන් මහත්මිය පැවසුවාය. ඇය පැවසුවේ පසුගිය 04 වැනි දින සිට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති…

Read More

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්‍රී 8.58 සිට හෙට (08) අලුයම 2.25 දක්වා පැය 5යි මිනිත්තු 27ක පමණ කාලයක් මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාව හිමිවන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය. පුර්ණ චන්ද්‍රග්‍රහණය සම්පූර්ණයෙන් දිස්වීම අද රාත්‍රී 11.01 සිට හෙට අලුයම 12.22ක් දක්වා කාලය තුළ සිදුවන බවද සඳහන් වේ. එමෙන්ම මෙම චන්ද්‍රග්‍රහණය පූර්ණ වශයෙන් හෝ අර්ධ ග්‍රහණයක් වශයෙන් සියයට 85ක් පමණ ලෝක ජනතාවට දිස්වනු ඇත. 2028 දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද මහාචාර්යවරයා…

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (06) මෙම අනතුරු සිදුව තිබුණේ මරදන්කඩවල, වෙල්ලාවලි, කඩවත සහ පුදුකුඩිඉරිප්පු පොලිස් වසම්වලදීය. මරදන්කඩවල පොලිස් වසමේ ඒ 11 මාර්ගයේ තවලන්හල්මිල්ලෑව හන්දියේදී මෝටර් රථයක් එම දිශාවටම පා පැදියක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පාපැදිකරු හා එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමේදී පාපැදිකරු මියගොස් තිබේ.3 එලෙස මියගොස් ඇත්තේ, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර වෙල්ලාවලි – චවලකඩේ මාර්ගයේ චවලකඩේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන්කල පදිකයන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදිකයින් දෙදෙනා සහ…

Read More

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් කළ වැදගත් පොහොය දිනයක් ලෙස මෙම පොහොය දිනය සැලකේ. කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී සිදුකර ඇති බවත් වාර්තා වේ. එමෙන්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර…

Read More

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (05) සිදුකළ මෙහෙයුමකදී මෙම රසායනික ද්‍රව්‍ය සොයාගනු ලැබීය. මේ අතර පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරි නමැත්තාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වනපරිදි පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරන්නේ, “අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා…

Read More

මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් 4 දෙනෙකු පත්කර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ලබාදුන් ලැයිස්තුවට අදාළව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඊට අදාළ අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව දර්ශිකා කුමාරි, පද්මිණී වීරසූරිය, රේණුකා ජයසුන්දර සහ නිශානි සෙනෙවිරත්න නව කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් ලෙස වැඩ භාරගැනීමට නියමිතය. ආධුනික උප පොලිස් පරීක්ෂකවරියන් ලෙස මින් තිදෙනෙකු 1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වී තිබේ. ඒ අනුව අදාළ උසස්වීම් මෙම වසරේ ජනවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවද සඳහන් ය. මෙම පොලිස් නිලධාරිනියන් 4 දෙනාගෙන් දර්ශිකා කුමාරි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස මේ වනවිටත්…

Read More

ගෙවුණු පැය 12ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩිතැබීම් 4කින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබේ. ඒ අනුව 2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ සමස්ත වෙඩිතැබීම් ගණන 96 දක්වා ඉහළ ගියේය. ඉන් පුද්ගලයන් 50ක් ඝාතනය වී ඇති අතර, 53න් දෙනෙකු තුවාල ලබා ඇත. ගත වූ පැය 12ක කාලයේ පළමු වෙඩිතැබීම ඊයේ (5) රාත්‍රී 11.45ට පමණ ග්‍රැන්ඩ්පාස් හිදී සිදු වූ අතර, එහිදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. එලෙස ඝතනය වූයේ හේෂාන් සලින්ද පුෂ්පකුමාර නම් 27 හැවිරිදි අදාළ තරුණයෙක්ය. පොලීසිය සඳහන් කර සිටියේ, වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයට අදාළ පුද්ගලයා දුරකථන ඇමතුමක් ලබාදීගෙන්වා වෙඩිතැබීම සිදුකර ඇති බවය.…

Read More