Author: LFN
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී පසුගිය 05 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක් මත අදාළ සැකකරුවන් දෙදෙනා මෙම අපරාධය සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඊයේ (07) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබයි.
කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ හෙට්ටිගම, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූවාද නැතහොත් වෙනත් සැකකටයුතු මරණයක්ද යන්න සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම පල්ලේකැලේ පොලිස් වසමේ එළිමහන් සිර කඳවුර අසල ඇති වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ බාබර් වත්ත, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගණේමුල්ල පොලිස් වසමේ හොරගොල්ල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 83ක් සිය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද වැටලීමකින් අනතුරු මෙම සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 51ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය අවුරුදු 62ක් වූ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ගණේමුල්ල පොලීසිය විසින් සිදුකරති.
මිද්දෙණියෙන් සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය පැවසුවේ අදාළ රසායනික ද්‍රව්‍ය තොගය කඳාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයා ගැනීමට කටයුතු කළ බවය.
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (07) පස්වරු 03.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
කුරුලුගම ප්‍රදේශයේ නිවසකදී බිරිද විසින් සිය සැමියාට පොරවකින් පහරදි ඝාතනය කොට සිය දරුවන් තිදෙනාද සමඟ පොලිසියට බාරවු බව කැබිතිගොල්ලෑව මුලස්ථාන පොලිසිය කියයි. මෙසේ පොලිසියට බාරවි ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම පදිංචි 36 හැවිරිදි තිදරු මවකි. මරණයට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව, කුරුලුගම පදිංචිව සිටි උක්කුවාගේ උපාලි හේරත්(46) හැවිරිදි තිදරු පියෙකි. පසුගිය පස්වැනිදා මරණකරු සිය බිරිදත් සමග ඇතිකර ගත් ආරාවුල දුරදිග ගොස් කඩුවකින් බිරිදට පහරදිමට උත්සහා කළ අවස්ථාවේදි ඇය විසින් පොරොවකින් සිය සැමියාගේ හිසට පහරදිමේ හේතුවෙන් සැමියා එම ස්ථානයේදිම මිය ගොස් තිබු බව පොලිසිය පැවසිය.
ඇල්ල වැල්වාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථ රියදුරුගේ රුධිර සාම්පල පරීක්ෂාව සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම රියදුරු මත්පැන් පානය කර සිටියේ ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා රුධිර සාම්පල අද දිනයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කළේය. පසුගිය බ්‍රහස්පතින්දා දින රාත්‍රීයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන කණුව ආසන්නයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලැබීය. අනතුරින් බස් රථයේ රියදුරු ද මියගිය අතර ඔහු අනතුර සිදුවන අවස්ථාවේ යම් මත්ද්‍රව්‍යයක් පානය කර සිට ඇත්ද යන්න පිළිබඳව සොයා…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 680.8ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇත. 2025 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 5.116ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 19.3%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස අට තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවය. ඒ අනුව, 2025 මුල් මාස අට තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.03ක් ලෙස වාර්තා වන…
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරු 06.45ට පමණ ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ. ඒ හෙට (08) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වන සැසියට සහභාගි වීම සඳහා ය. එහිදී අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටත් නියමිතය. මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයන් කිහිප දෙනෙක් සමඟ ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk හා අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද මෙහිදී පැවැත්වීමට නියමිතව ඇත. Volker Turk මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව…
හොරණ – කැබැල්ලගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 66ක් වන කැබැල්ලවත්ත, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම නිවසේ පදිංචි පුද්ගලයා විසින් ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.