Author: LFN
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වේ. මෙම තරගාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග වදින අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ. “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ සඳහා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග කටයුතු කිරීම සඳහා කමිටුවක් හෝ ඒ හා සමාන යාන්ත්‍රණයක් මගින් ක්‍රියා කිරීමටද එක්සත් ජාතික පක්ෂය මෙහිදී අදහස් කර ඇත. සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ පොදු කාරණාවලදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පක්ෂ සමග සාකච්ඡා කරනු ලැබිය. එම සාකච්ඡාවලදී එකඟත්වයට පැමිණි කරුණු අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා…
විදුලි බලමණ්ඩලයේ සේවකයින් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කිසිදු අවධානයක් මේ දක්වා යොමුකර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසයි. ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව පසුගියදා ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ පලමු අදියර මෙම මස 15 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ. කෙසේ වෙතත් රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණහොත් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ එහි ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ඇප මත මුදා හැර තිබේ. 2006 වසරේ සිදුවූ සිදුවීමක් සම්බන්ධව කොච්චිඩේ පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. ඒ අනුව අද (07) දිනයේදී මීගමුව මහාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇප මත මුදා හැර තිබේ.
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (7) සමත් විය. ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස අවසන් කර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය. විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ දැවැන්තම ඉලක්කය (ලකුණු 192) හිමිවුවත්, එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගයේ 18(17.2) වන පන්දුවාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට සමත් විය. එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ යොවුන් ක්‍රීඩක 24 හැවිරිදි කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය. තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරග 5ක් පමණක් ක්‍රීඩාකර ඇති කමිල්, පරිණත පිතිකරුවෙකු ලෙස මෙහිදී සිය ඉනිම දියත් කළේ සිම්බාබ්වේ පන්දු…
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. එමෙන්ම බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව සඳහන් වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
රථ වාහන නීතිය අද (08) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සදහා දිවයින පුරා යොදවන බවය. ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන මෙහිදි පරීක්ෂා කිරීමට නියමිතව ඇත. ඊට අමතරව විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම, නීති විරෝධී සවිකිරීම් පිලිබදව ද පරීක්ෂා කිරීමට නියමිතය. ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නීතිය…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ආරම්භ වේ. සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතය. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබේ. සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වීමට නියමිතය. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි…
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කළ ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය කලාවැව ජාතික වනෝද්‍යානයේ ජලගැලීම් ප්‍රදේශයේ දී පවත්වා තිබේ. දින තුනක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී ඇති බවද වාර්තා වේ. ඒ අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලුවැව වැව් පිටිවල ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීම මෙහිදී සිදුකර තිබේ. මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබූ ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක…