Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹෙයි
    Featured

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹෙයි

    By LFNSeptember 8, 2025No Comments2 Mins Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ආරම්භ වේ.

    සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතය.

    මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතව තිබේ.

    සංචාරය තුළදී අමාත්‍යවරයා ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රකයින් කිහිපදෙනෙකු සමඟ ජිනීවා නුවරදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් ද එහිදී පැවැත්වීමට නියමිතය.

    මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය ශ්‍රි ලංකාවට ඉතාමත් වැදගත් එකක් වනු ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් හිටපු කොමසාරිස්වරයෙකු වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේය.

    මෙම සැසිවාරයේ දී මෙරටට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මසකට පමණ පෙර විදේශ කටයුතු අමාත්‍යංශය වෙත භාර දී ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇත.

    ඒ අනුව රජයේ නිල පිළිතුර තුළ මෙසේ ද දැක්වේ,

    බාහිර මැදිහත් වීම්, ජාතික වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රයත්නයන්ට බාධාවක් ලෙස සහ ජනගහනය ධ්‍රැවීකරණය කිරීමට පමණක් හේතු වන බව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි. එබැවින් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිගමන සහ නිර්දේශ සමඟ ශ්‍රී ලංකා රජය එකඟ නොවේ.

    ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු බෙදීමක් හෝ වෙනස්කම් කිරීමකින් තොරව ස්වකීය ජනතාවගේ විවිධත්වයට ගරු කරන සහ එය භුක්ති විඳින රටක් කරා කටයුතු කිරීමට රජයට ජනවරමක් ලැබී ඇති අතර ඒ සඳහා දැඩි ලෙස හා අවංකව රජය කැපවී සිටී.

    ශ්‍රී ලංකාව තුළ ජාතිවාදය හෝ අන්තවාදය නැවත ඇතිවීමට ඉඩ නොදීම රජයේ පරම අධිෂ්ඨානයක් සේ සලකා කටයුතු කරයි.

    එනයින් ශ්‍රී ලංකාව දේශීය ක්‍රියාවිතයක් තුළින් ඉදිරියට යන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාවේ අවබෝධය, දිරිගැන්වීම සහ සහයෝගය සාදරයෙන් පිළිගනිමින් අගය කරමු.

    https://hrcmeetings.ohchr.org/HRCSessions/RegularSessions/60/DL_G_Working_Documents/A%20HRC%2060%20G%201%20%20AdvanceEditedVersion.pdf

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.