Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
    Sport

    වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    By LFNSeptember 8, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (7) සමත් විය.

    ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස අවසන් කර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

    විස්සයි20 තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායමෙන් හිමි වූ දැවැන්තම ඉලක්කය (ලකුණු 192) හිමිවුවත්, එය කඩුලු 2ක් පමණක් දැවී තිබියදී තරගයේ 18(17.2) වන පන්දුවාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට සමත් විය.

    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩාකළ යොවුන් ක්‍රීඩක 24 හැවිරිදි කමිල් මිශාර නොදැවී ලකුණු 73ක් රැස්කිරීමට සමත් විය.

    තවමත් විස්සයි20 ජාත්‍යන්තර තරග 5ක් පමණක් ක්‍රීඩාකර ඇති කමිල්, පරිණත පිතිකරුවෙකු ලෙස මෙහිදී සිය ඉනිම දියත් කළේ සිම්බාබ්වේ පන්දු යවන්නන්ට එරෙහිව අලංකාර හයේ පහර 2ක් හා හතරේ පහර 6ක්ද සිය ඉනිමට එක්කරමිණි.

    මෙහිදී කමිල්ට අගනා සහායක් දුන් කුසල් ජනිත් ද නොදැවී ලකුණු 46ක් රැස්කළේය.

    ඔවුන් දෙදෙනා තෙවන කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක්ද පැවැත් වූ අතර, ඒ වෙනුවෙන් මුහුණදුන්නේ පන්දු 63කට පමණි.

    ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක (33) හා කුසල් මෙන්ඩිස්ද (30) ශ්‍රී ලංකා ඉනිම දිනවීමට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේ පළමු කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් පවත්වමිණි.

    හරාරේ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ, පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් රැස්කිරීමට සමත් විය.

    මෙය ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ ඉහළම විස්සයි20 ලකුණු සංඛ්‍යාව වූ අතර, ඊට පෙර ඔවුන් රැස් කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 178ක් රැස් කර තිබීමයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.