Author: LFN
අම්බලන්ගොඩ, හීනටිය මාර්ගයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පවසයි.
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (09) පෙරවරු 11.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර ඌව සහ සබරගමුව පළාත්වලත් සහ වවුනියා, මන්නාරම, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත හෙට දින (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) තීරණය කර තිබේ. අද (09) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ බව දැනුම් දී ඇත.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවටත් නියෝග කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවූ බව පොලීසිය පවසයි. මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (08) එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ මෙම උපාංග හමුව තිබුණි. එහිදී පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ආයිත්තම් හමුවී වු බව පොලීසිය පවසයි. මිද්දෙණිය පොලිස් ස්ථානය මෙම හමුවූ දෑ පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති අතර ඒ් සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භකිරීමට නියමිතය. ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන අගෝස්තු 30 වන දින මෙරටට ගෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස හඳුනාගත්…
මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා කාලය තුළ සිදුවු මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඒ බව සඳහන් කළේය. “දිනකට 07 දෙනෙක් 08 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වෙනවා විශේෂයෙන්ම මේ මාරක රිය අනතුරුවලින්. දැන් 2025 වසරේ ජනවාරි 01 වනදා සිට සැප්තැම්බර් 04 වනදා දක්වා මාරක රිය අනතුරු 1,757කින් 1,870 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඒ නිසා මාර්ගය භාවිතාකරන රියදුරු මහතුන්, පැදිකරුවන්, පදිකයින් සහ මගීන් කියන සියලුමදෙනාම මාර්ග නීතිවලට අවනත වෙලා මාර්ග සංඥාවලට අවනතවෙලා ස්වයං පාලනයකින් කටයුතු…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි ව්‍යාජ පුවත් පල කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන් වේ. – උපුටාගැනීම – සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු 2025.08.30 වන දින ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඉන්දුනීසියාවේදී එරට පොලීසියේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වන විට ඉතා සාර්ථක ලෙස විමර්ශන කටයුතු සිදුකරමින් පවතී. එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබූ ඒ සඳහා අවශ්‍ය…
සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (09) ආරම්භ වේ. අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද දිනයේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂණ ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය සම්මත කිරීමට නියමිතව තිබේ. එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු අතර ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්වීමට නියමිතය. හෙට (10) දිනයේ දී සමථකරන, සිවිල් සහ වානිජ ආරවුල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර අනිද්දා (11) දිනයේ දී ජාතික විගණන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සොයාගනු ලැබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන බව කියන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව ඉදිරි දින දෙක තුළ ලබාදෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. එහි සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතා සඳහන් කළේ, මේ වන විට අදාළ ද්‍රව්‍යවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය. පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් හෙළිවූ තොරතුරු මත මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන රාසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබීය. ඉන් අනතුරුව පෙරේදා දිනයේ තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී මෙවැනිම ද්‍රව්‍ය තොගයක් සොයාගත් අතර ඊයේ (08) කදාන ප්‍රදේශයේ…
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව සහ ඔහුගේ වාර්තාව පිළිබඳව එහිදී සිය ස්තූතිය පළකර ඇත. ශ්‍රී ලංකාවේ මෑතක දී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව එක්සත් රාජධානිය පෙන්වා දෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු නොකිරීම මූලික නිදහස සීමා කිරීම සඳහා නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ කනස්සල්ල පළකරන…