Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්
    Featured

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

    By LFNSeptember 9, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර, එවැනි ව්‍යාජ පුවත් පල කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද එහි සඳහන් වේ.

    – උපුටාගැනීම –

    සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙකු 2025.08.30 වන දින ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඉන්දුනීසියාවේදී එරට පොලීසියේද සහය ඇතිව අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන මේ වන විට ඉතා සාර්ථක ලෙස විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

    එම සැකකරුවන්ගෙන් අනාවරණය වෙමින් පවතින තොරතුරු අනුව අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගෙන්වන ලද බහාලුම් දෙකක තිබූ ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙනිය ප්‍රදේශයෙන් හමුවී තිබිණි.

    එම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සම්බන්ධව පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක ජාත්‍යන්තර තොරතුරු ලැබී තිබියදීත්, රතු ලේබල් කර තිබූ මෙම බහාලුම් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් මෙම මෙහෙයුම භාරව කටයුතු කරන බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ ඡායාරූපයක් ද සහිතව ඒ මහතාව සම්බන්ධ කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

    මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පල කිරීමක් බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරන අතර, මෙවැනි ව්‍යාජ පුවත් පලකිරීම තුලින් මෙම මෙහෙයුම් අඩාල කිරීම හා නිලධාරින් අපහසුතාවයට පත් කිරීම මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය අපකීර්තියට ලක් කිරීම ද සංවිධානාත්මක අපරාධවලට උත්තේජනයක් ලබා දෙන සුළුතර පිරිසකගේ අරමුණ බව ද නිරීක්ෂණය වේ.

    මෙම සාවද්‍ය පලකිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ දැඩි අවධානය යොමුව ඇති අතර, මෙවැනි අසත්‍ය පලකිරීම් සිදු කරන පුද්ගලයින්ට එරෙහිව තදින් නීතිය ක්‍රීයාත්මක කරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

    – උපුටාගැනීම අවසන් –

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.