Author: LFN
“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබයි. ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු සඳහන් කළේය. ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක…
වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසයි. පසුගිය 24 වනදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ (10) අදෑසන අත්තිඩිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වෙඩි තැබීමට පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි. ඔහු වයස අවුරුදු 22 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. එමෙන්ම පසුගිය 22 වනදා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙකුව ඊයේ දහවල් කාලයේ දී පොලිස් විශේෂ…
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ. කොළඹ ගිනිනිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනිනිවීමේ රථ කිහිපයක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබු ටැංකියක ඊයේ (10) රාත්‍රී මෙම ගින්න හටගෙන තිබුණි. ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල කාලයක් ගත වු බව වාර්තාවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (11) දිනයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබේ.
නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, අද (11) වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 109 ක් බවය. ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජා සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය. ඒ,අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.
මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්‍රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඒ මහතාව එළැඹෙන සැප්තැම්බර් මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ 60 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් කෙටුම්පත් කෙරේ. මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියා රටවල අනුග්‍රාහකත්වය හිමිව තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කළේය. එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය ඉදිරිපත් කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව සහ ඔහුගේ වාර්තාව පිළිබඳව එහිදී සිය ස්තූතිය පළකර ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ මෑතක දී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට…
ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණිය බලා ගොස් සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73 දෙනා ආරක්ෂිතව දේශ සීමාව හරහා ඉන්දියාවට ඇතුළු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.