Author: LFN
මෙරට ජනතාවගේ රෝග කල් තියා හඳුනාගත හැකි, ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි සහ ඒ පිළිබඳව පසුවිපරමක නිරතවිය හැකි මෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා යොමු කළ හැකි ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රිත්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැති “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනට එක්වෙමිනි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් සඳහා ඉදිරි මාස කිහිපයේදී මුල්ගල් තබන බවත්…
මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර් මාපකයේ 7.8ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත.
රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය ඇත. ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ඊයේ (11) පස්වරුවේ එක් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවට ජනාධිපතිවරයා සහතික වී ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනය මේ වන විට රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන්…
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත. ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි. එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබාදීමට එකඟතාව පළකළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන නානාපති Qi Zhenhong මහතා අතර සිදු විය. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, “2025 වර්ෂය…
2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහලේකම්වරිය පැවසුවාය. මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටත්…
විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. එම ගැටළු විසඳීමට අවශ්‍ය ඇතැම් පියවර මේ වනවිටත් ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්, මහාභාණ්ඩාගාරය, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග පසුගිය (10) පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසීය.
නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනි. එම යාත්‍රාව තුළ සිටියදී පරවියන් 72ක් සහ පොර කුකුළන් 19 දෙනෙක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත. අදාළ සැකකරුවන් වයස අවුරුදු 17ක් සහ 52ක් වන පේසාලෙයි සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පක්‍ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.
මවක හා පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගත් බව කරන්දෙණිය පොලීසිය පවසයි. ඊයේ (11) සවස් කාලයේ කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී මෙලෙස කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි. ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි මව හා පුත්‍රයා බව පොලීසිය පැවසීය. මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනය සිදු කළ බවට සැකකරන වයස අවුරුදු 43ක් වන සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයින්ගේ නිවස ආසන්න නිවසක පදිංචි බවට හඳුනාගෙන ඇත. කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.