Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්
    Local News

    ජනතාවගේ සෞඛ්‍ය නංවන්න මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන 100ක්

    By LFNSeptember 14, 2025No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට ජනතාවගේ රෝග කල් තියා හඳුනාගත හැකි, ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි සහ ඒ පිළිබඳව පසුවිපරමක නිරතවිය හැකි මෙන්ම වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් සඳහා යොමු කළ හැකි ජනතාවට සමීප සෞඛ්‍ය මධ්‍යස්ථාන රැසක් ඉදිරියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් 26 වැනිදා සිට මෙරට දිස්ත්‍රික්ක පහක නියමු ව්‍යාපෘතියක් ලෙස මධ්‍යස්ථාන 10ක් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුවේ රත්නපුර දිස්ත්‍රිත්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැති “ආරෝග්‍යා” ජංගම සුව සායන වැඩසටහනට එක්වෙමිනි.

    එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ මෙම වසරේදී සෞඛ්‍ය මධ්‍යස්ථාන සියයක් සඳහා ඉදිරි මාස කිහිපයේදී මුල්ගල් තබන බවත් වසර තුනක් තුළ සුවතා මධ්‍යස්ථාන දහසක් මගින් ජනතාව ආවරණය කිරීමටද බලාපොරොත්තු වන බවත්ය.

    වර්තමානය වනවිට පවතින ප්‍රධානම අභියෝගය බෝ නොවන රෝග බවත් එයින් මෙරට ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ආරෝග්‍යා සුව සායන මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් ආරෝග්‍යා සුව සායන පවත්වන බවද අමාත්‍යවරයා පැවසීය.

    එමෙන්ම බෝ නොවන රෝග සඳහා ගොදුරුවන පිරිසෙන් පරීක්ෂණ සඳහා යොමුවන්නන් ඉතා සීමිත පිරිසක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසුවේ පරීක්ෂණවලට යොමු වුවද ප්‍රතිකාර සඳහා යොමුවන්නේ ඉතා අඩු පිරිසක් වන බවත් එයින් ප්‍රතිකාර අඛණ්ඩව ලබා ගනු ලබන්නේද ඉතාම සීමිත පිරිසක්ද වන බවය.

    තවද ඉදිරි වසර කිහිපයකින් පසු මෙරට ජනගහනයෙන් 25%ක් වැඩිහිටි ජනගහනය බවට පත්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පෝෂණ තත්ත්වය, මානසික සෞඛ්‍ය වැනි කරුණු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කරමින් මෙවැනි ජංගම සායන දීප ව්‍යාප්තව ග්‍රාමීය මට්ටමින් පවත්වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.