Author: LFN
සැබෑ සාමය සාක්ෂාත් කරගත හැකි වනුයේ ගැටුම් අවසන්කිරීමෙන් පමණක් නොවන බවත්, ඵලදායි සංවාද, අන්‍යොන්‍ය අවබෝධය සහ නිර්මාණාත්මක ප්‍රවේශයන් ඔස්සේ ලබා ගන්නා සම්බන්ධතා තුළින් බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තෙයියකොන්තා (විශ්‍රාමික) මහතා පවසයි. “සියලු ජාතීන්ගේ නීත්‍යානුකූල හා අනන්‍ය වූ ආරක්‍ෂක අපේක්‍ෂාවන්ට ගරු කරමින් සාකච්ඡා මාර්ගයෙන් මතභේද විසඳා ගත යුතුය” යනුවෙන් චීන ජනාධිපති Xi Jinping මහතා විසින් සිදුකළ ප්‍රකාශය උපුටා දැක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා මේ බව පැහැදිලි කළේ සැප්තැම්බර් 17 දින සිට 19 දින දක්වා චීනයේ බීජිං ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වූ 12 වැනි Beijing Xiangshan සමුළුව අමතමිනි. තවද, මෙම උසස් රාජ්‍යතාන්ත්‍රික ආරක්‍ෂක සංවාදයට ශ්‍රී ලංකාවට ඇරයුම් කිරීම සම්බන්ධයෙන් චීන රජයට සිය…
කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ සභාපති මහීල් මුණසිංහ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබේ. අද (21) උදෑසන ශරීර සුවතා කටයුතුවල නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගී වූ ඒ මහතා කරන්දෙණිය බොරලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ. පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේග පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු මහීල් මුණසිංහ මහතා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට තේරි පත් විය. මියයන විට ඔහු 47 හැවිරිදි වියේ පසුවු අතර ඔහුගේ මරණය හෘදයාබාදයක් හේතුවෙන් සිදුව ඇති බවට සැක පළ කෙරේ. මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඇල්පිටිය මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.
හෙම්මාතගම පොලිස් වසමේ බලවත්ගම ප්‍රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (20) රාත්‍රී කාලයේදී මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, දෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි. පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මෘත ශරීරය හෙම්මාතගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වයස අවුරුදු 23ක් වන සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. හෙම්මාතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කළුවාංචිකුඩි පොලිස් වසමේ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විර්මශන ආරම්භ කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වූ කෝට්ටේකල්ලාර් ප්‍රදේශයේ පදිංචිකාරියකි. අදාළ කාන්තාව සිය නිවසෙහි තනිව ජිවත්ව සිට ඇති බව මූලික විමර්ශනවලදි අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කළුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමුළුව ලබන සතියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා සහභාගිවීමට නියමිත පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් ට වීසා ලබාදීම අමෙරිකාව ප්‍රතික්ෂේප කළේය. කෙසේවෙතත් එම සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට ඔහුට හැකියාව ලබාදෙන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල බහුතර ඡන්දයෙන් සම්මත කරගෙන ඇත. මෙම සමුළුවේ දී පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමටද සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද (20) පැවැත්වෙයි. ඒ, එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී සංවත්සර උත්සවය පැවැත්වෙයි.
විශ්‍රාම වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මූලික කරගනිමින් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විසින් ලබන (24)වන දා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුකු කර ඇති බවට රණවිරු අයිතිවාසිකම් සුරැකීමෙි ජාතික සංවිධානයේ ලේකම් නිශාන්ත හේරත් මහතා සදහන් කරයි. මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග සාකච්ඡා පවත්වා මසක පමණ කාලයක් ගතවී තිබෙන බවත් මේ වන තෙක් සාධනීය විසදුමක් නොලැබීම හේතුවෙන් නැවතත් කොළඹට පැම්ණීමට කටයුතු කරන බවට සදහන් කරයි.
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළහ. ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක්ද නියම කෙරුණි. ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළහ.
සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවය. වකුගඩු රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය මෙම අදහස් පල කළාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බවය.