Author: LFN
ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 27 වැනිදා සිට 30 වැනිදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ මෙම සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත බවය. එමෙන්ම ජනාධිපතිවරයා විසින් ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධානය යොමු කෙරෙන සමුළු රැස්වීමක්ද පැවැත්වෙනු ඇති බවත් එහි සඳහන් ව තිබේ. ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික අවස්ථා කෙරෙහි අවධානය යොමු කරමින් ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක්ද ජනාධිපතිවරයා මෙහිදී ඇමතීමට නියමිතය. 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දිනයේදී…
මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ. ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය. එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇත. පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බවය. පසුව සම්පත් මනම්පේරි නැමැත්තා සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න…
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව තිබේ. පොලීසිය පැවසුවේ සිදුකළ විමර්ශනයේදී එම නිවස අසල පිහිටි ලොරි රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 10ක් ද පොලීසිය විසින් සොයාගත් බවය. මේ අතර එම නිවසේ සිටි තවත් අයෙක් හදිසියේ ඇති වූ අසනීප ත්ත්වයක් හේතුවෙන් තංගල්ල මහ රෝහලට ඇතුළව ඇති අතර එහිදී ඔහුද ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය පිළිබඳව මේ වන විට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර රජයේ රසපරීක්ෂකවරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධව රස පරීක්ෂණය සිදුකරමින් පවතින බවද වාර්තා වේ.
විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) මේ සඳහා අත්සන් තබා ඇත. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකියි. එමෙන්ම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි…
ඇතිමලේ පොලිස් වසමේ ගැමුණුපුර ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකාරියක් කැණීම් උපකරණ ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වන ගැමුණුපුර, ඇතිමලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි. කෙසේවෙතත් එම ස්ථානයේ සිටි තවත් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔහුට අයත් බවට සැකකරන යතුරුපැදියක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ පුද්ගලයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග විනෝද වෙමින් එම හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
කම්කරු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ජංගම සේවා සතිය අද (22) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරු 9.00 සිට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී ආරම්භ වීමට නියමිත බවය. අමාත්‍යාංශය පැවසුවේ අද ආරම්භවන සමාරම්භක වැඩසටහනින් පසු දිවයින පුරා මෙම ජංගම සේවා සතිය ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවය. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ ගැටලු විසඳීම, රැකියා පොළ හරහා රැකියා අවස්ථා ලබා දීම, නීති උපදෙස් සහ මග පෙන්වීම ඇතුළු කම්කරු අමාත්‍යාංශයට අයත් බොහෝ සේවාවන් මේ තුළින් ලබා ගත හැකි බවද එම අමාත්‍යාංශය පැවසීය.
දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (22) සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ දහවල් කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ කල්ලියඩි ප්‍රදේශයේදී මන්නාරම දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී පැදිකරුට පාලනය කරගත නොහැකිව අනතුරක් සිදුව තිබේ. අනතුරින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් ඇත. මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ ඉලෙයිවාලි, යාපනය ප්‍රදේශයේ පදිංචි පියතුමෙකි. මුල්ලේරියාව පොලිස් වසමේ කඩුවෙල අංගොඩ මාර්ගයේ අංගොඩ මංසන්ධියේදී කඩුවෙල…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. ජනාධිපතිවරයා ලබන 24වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට ද නියමිතය. මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සහ රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්වීමට ද නියමිතව ඇත. එමෙන්ම ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකට ද සහභාගී වීමටද නියමිතව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක…