Author: LFN

බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි මහසිලු නම් ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්‍රදේශයේ වෙල් යායක තිබී අද (11) උදෑසන සොයාගෙන තිබේ. මෙම ඇතාගේ මරණයට නිෂ්චිත හේතුවක් මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර ඇතාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. හොඳින් වැඩුණු දළ දෙකක් සහිතව ප්‍රදේශයේ තේජමානව සිටි මෙම ඇතාගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට වනජීවි නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවසට අද (11) උදෑසන දේශපාලනඥයින් සහ විදෙස් නියෝජිතයින් පිරිසක් පැමිණ තිබේ. ඒ මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බවට වාර්තා වීමත් සමඟය. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබන අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී ඇත. ඒ අනුව ඔහු කොළඹ නිල නිවසින් පිටත්ව හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව…

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කටයුතුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම සලකාබැලීම සඳහා මේ මස 23 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය. ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සාලිය ප්‍රසාද් නන්දසිරි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 23වනදා කැදවන ලෙසය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්, හිටපු දියවඩන…

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා 2025.09.14 දින තෙක් වෙබ් සබැදිය විවෘත කර ඇති බව දැනුම් දී තිබේ. අයදුම් කළ හැකි රැකියා කාණ්ඩයන් වන්නේ, *ප්‍රතිසංස්කරණ සිදුකරන්නන් (විදුලි පේනු සවිකිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන්) *සෙරමික් ටයිල් අතුරන්නන් *කපරාදු , යන ඒවා වේ. මේ යටතේ අයදුම්කරුවන් 1,500 ක් බඳවා ගැනීමට නියමිතයි. මෙම රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක…

Read More

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් නිල නිවාස භාවිත කරනු ලබයි. ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වී තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ. ඔහු හම්බන්තොට කාල්ටන් නිවස වෙත යෑමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ප්‍රකාශකයකු සඳහන් කළේය. ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක…

Read More

වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසයි. පසුගිය 24 වනදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ (10) අදෑසන අත්තිඩිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වෙඩි තැබීමට පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි. ඔහු වයස අවුරුදු 22 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. එමෙන්ම පසුගිය 22 වනදා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙකුව ඊයේ දහවල් කාලයේ දී පොලිස් විශේෂ…

Read More

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හටගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ. කොළඹ ගිනිනිවීමේ හමුදාවේ ගිනි නිවන රථ 07ක් ඇතුළු ගිනිනිවීමේ රථ කිහිපයක් යොදා ගනිමින් ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණි. සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබු ටැංකියක ඊයේ (10) රාත්‍රී මෙම ගින්න හටගෙන තිබුණි. ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල කාලයක් ගත වු බව වාර්තාවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අද (11) දිනයේ ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබේ.

Read More

නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, අද (11) වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 109 ක් බවය. ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජා සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 151ක් සහ විරුද්ධව ඡන්ද 01ක් හිමිවිය. ඒ,අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 150කින් සම්මත වූ බවය.

Read More