Author: LFN

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඇතුළු ගැටලු විසඳීම සඳහා යම් කාල රාමුවක් අවශ්‍ය බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. එම ගැටළු විසඳීමට අවශ්‍ය ඇතැම් පියවර මේ වනවිටත් ගෙන ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන්, මහාභාණ්ඩාගාරය, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමග පසුගිය (10) පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා මේ බව පැවසීය.

Read More

නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. ඒ මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනි. එම යාත්‍රාව තුළ සිටියදී පරවියන් 72ක් සහ පොර කුකුළන් 19 දෙනෙක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත. අදාළ සැකකරුවන් වයස අවුරුදු 17ක් සහ 52ක් ‍වන පේසාලෙයි සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පක්‍ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අද සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

මවක හා පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු හඳුනාගත් බව කරන්දෙණිය පොලීසිය පවසයි. ඊයේ (11) සවස් කාලයේ කරන්දෙණිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී මෙලෙස කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි. ඝාතනයට ලක්වී තිබුණේ වයස අවුරුදු 74ක් සහ වයස අවුරුදු 25ක් වූ කොටවෙල, කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි මව හා පුත්‍රයා බව පොලීසිය පැවසීය. මෘතශරීර ඇල්පිටිය රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඝාතනය සිදු කළ බවට සැකකරන වයස අවුරුදු 43ක් වන සැකකරු ඝාතනයට ලක්වු පුද්ගලයින්ගේ නිවස ආසන්න නිවසක පදිංචි බවට හඳුනාගෙන ඇත. කෙසේවෙතත් ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නේය. එම පෙත්සම නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම්කර තිබුණි. මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය. පෙත්සමකාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු…

Read More

ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කලමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත. එහිදී අදහස් දැක් වූ හර්ෂ ද සිල්වා මහතා, “මම දන්න විදියට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මූලික ප්‍රශ්නය තමයි ස්වාධීන කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. යමෙක්ට මූල්‍ය කලමනාකරණය පිළිබඳ ස්වාධීන බවක් නැත්නම් එතන කොතනද ස්වාධීන බව තියෙන්නේ. මේ ගොල්ලන්ට බලය…

Read More

තමන්ට නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම හා දඩ මුදල්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ඒ මහතාගේ නීතිඥවරු විසින් අද (11) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. මෙම අභියාචනය අද මායාදුන්නේ කොරයා, කුමාරන් රත්නම්, සශී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී ප්‍රසන්න රණතුංග මහතාට නියම කෙරුණු රුපියල් මිලියන 25ක දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට කල් ලබා දුන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නේය. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන්…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් අද (11) දහවල් 1.15ට පමණ නික්ම ගියේය. ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වනතුරු නිල නිවස භාවිත කරනු ලැබූ අතර, ඊයේ (10) දිනයේ සම්මත වූ පනතට අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය. ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම අද දහවල් හම්බන්තොට කාල්ටන් නිවස වෙත මෙලෙස ගමන් ඇරඹීය.

Read More

2025/26 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියපදිංචි විය යුතු බව ගොවිජන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසයි. www.agrarian.lk සහ www.agrariandept.gov.lk වෙබ් අඩවි වලින් බඩ ඉරිඟු වගා කරන ගොවීන් හට ලියාපදිංචි වීම සඳහා පහසුකම් සලසා ඇති අතර බඩ ඉරිඟු වගා කරන සියළුම ගොවීන් අදාල ලියාපදිංචිය ලබාගත යුතු බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි. ඒ සඳහා www.agrarian.lk වෙබ් පාදක පද්ධතිය වෙත පිවිස එහි මුල් පිටුවේ (Home Page) හි ඇති ” බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ” / “Maize Farmers Registration” යන සබැඳිය (Link) මගින් හෝ www.agrariandept.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මුල් පිටුවේ (Home Page) හි ඇති සබැඳිය (Link) මගින් විවෘත වන…

Read More

මෙරට ඉඩම් කළමනාකරණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සම්බන්ධයෙන් නොවැම්බර් මස 28 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ඉඩම් අමාත්‍යවරයා, පරිසර අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි නිකුත් කර තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. මෙම පෙත්සම අද (11) ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍රනාන් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙරට තුළ ඉඩම් කළමනාකරණය පිළිබඳ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීම නිසා ගැටලු රාශියක් උද්ගත වී තිබෙන බව පෙන්වා…

Read More