Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
විශ්‍රාම වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මූලික කරගනිමින් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විසින් ලබන (24)වන දා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුකු කර ඇති බවට රණවිරු අයිතිවාසිකම් සුරැකීමෙි ජාතික සංවිධානයේ ලේකම් නිශාන්ත හේරත් මහතා සදහන් කරයි. මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග සාකච්ඡා පවත්වා මසක පමණ කාලයක් ගතවී තිබෙන බවත් මේ වන තෙක් සාධනීය විසදුමක් නොලැබීම හේතුවෙන් නැවතත් කොළඹට පැම්ණීමට කටයුතු කරන බවට සදහන් කරයි.
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කළහ. ඊට අමතරව විත්තිකරුට රුපියල් ලක්ෂ 206ක දඩයක්ද නියම කෙරුණි. ඊට අමතරව අදාළ අලියා රාජසන්තක කිරීමට ද නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මංජුල තිලකරත්න, ආර්.එස්.එස්.සපූවිද සහ ලංකා ජයරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරු මඩුල්ල නියම කළහ.
සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ 2023 වසරේ දී මෙරටින් දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 1,600කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවය. වකුගඩු රෝග සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය මෙම අදහස් පල කළාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය චින්තා ගුණරත්න මහත්මිය සඳහන් කළේ වකුගඩු රෝග ලක්ෂණ මතුවීම ප්‍රමාද වන බැවින් බෝ නොවන රෝග සහිත පුද්ගලයින් වකුගඩු පරීක්ෂාවන් සිදුකිරීම අත්‍යවශ්‍ය බවය.
මෙරට චීන තානාපතිවරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගියදා මෙම හමුව සිදුව තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදීය. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය සහ ඉදිරි දේශපාලන තත්ත්තවය පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි. චීන තානාපතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙර හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද හමුවී ඇති බව සඳහන්ය. “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඊට අදාළ ලියකියවිලි ලැබීමෙන් පසු නිල…
GovPay හරහා සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ඩිජිටල් ගෙවීම් සේවා මගින් සවිබල ගැන්වූ පළමු පලාත බවට පත්ව තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පැවසුවේ GovPay හරහා රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී ඇති සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගගත ගෙවීම් පිළිගැන්වීම ඊයේ (15) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වූ බවය. ඒ අනුව GovPay හරහා පළාතක් යටතේ එන සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල් ගෙවීම් මගින් සවිබල ගැන්වූ පළමු පළාත ලෙස දකුණු පළාත පත් වනු ඇත. මෙමගින් දකුණු පළාත පුරා විහිදී ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාල 3කට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 53කට GovPay හා සම්බන්ධ…
චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු පිළිබඳ ස්පාඤ්ඤ සාකච්ඡාවල දී එකඟතා රැසකට එළැඹ තිබේ. චීන-අමෙරිකා ආර්ථික හා වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දී ඇරඹි නවතම සාකච්ඡා වටයේ හමුවට චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අග්‍රාමාත්‍ය He Lifeng මහතා, අමෙරිකා පාර්ශ්වයේ ප්‍රධානී භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සහ වෙළෙඳ නියෝජිත Jamieson Greer මහතා එක් වූහ. පසුගිය 14 වනදා සිට ඊයේ (15) වනදා දක්වා පැවති එම සාකච්ඡාවේදී දෙරටේ නායකයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වයේ අවධානයට ලක්වූ ආර්ථික හා වෙළඳ ගැටලු පිළිබඳ අවංක, ගැඹුරු මෙන්ම අර්ථවත් පිළිසඳරක් පැවැත්විණි. ඒ අනුව TikTok සම්බන්ධ ප්‍රශ්න මනා ලෙස විසඳීම, ආයෝජන බාධා අඩු කිරීම, ආර්ථික හා වෙළෙඳ සහයෝගිතා ප්‍රවර්ධනය යනාදිය පිළිබඳව…
රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීම රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සනක් හඳුන්වා දී තිබේ. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කර නව මාවතකට යොමු කිරීම වත්මන් රජයේ අරමුණ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන හඳුනාදීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි. ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම තම අරමුණු බවත් ග්‍රාම නිලධාරිවරයා දක්වා මෙම නව තාක්ෂණය ගෙන යා යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. රාජකාරී කටයුතු පහසුව සහ කාර්යක්ෂමව කිරීම සඳහා 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු…
පොලිස් සේවය ස්වාධීන, කාර්යක්ෂම, මිත්‍රශීලී හා මහජනයාට සමීප සේවාවක් බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. කොළඹ ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පැවති ශ්‍රී ලංකා පොලීසියේ 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අමතමින් ඇය මේ බව සඳහන් කළාය. 84 වැනි පොලිස් අන්තර් මළල ක්‍රීඩා උළෙලේ දක්ෂතම මළල ක්‍රීඩිකාව ලෙස අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ සචිත්‍රා ජයකාන්තන්, දක්ෂතම මළල ක්‍රීඩකයින් වන ටී.ජී.එස්. විජේතුංග, ඒ.එම්.එන්. පෙරේරා, පො.ප. හේමන්ත යන ක්‍රීඩකයින් වෙතත්, සමස්ථ අනුශුරතාව වෙනුවෙන් අගමැති අභියෝගතා පලිහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත්, සමස්ථ ශුරතාව වන ජනාධිපති අභියෝගතා පලිහ පොලිස් විශේෂ කාර්ය බලකාය වෙතත් පිරිනැමීම අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්…
කෙහෙල්බද්දර පද්මේ හා කුඩු නිලංග මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක් හම්බන්තොට මයුරපුර ප්‍රදේශයෙන් සොයා ගැනීමට කළුතර දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ. මෙම නිවස පිළිබඳ අනාවරණය වී ඇත්තේ කුඩු නිලංගගේ සමීපතමයෙකු වන ඇඹිලිපිටිය සුරංග නැමැත්තා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වීමෙන් පසු කළ හෙළිදරව්වකට අනුවය. වැල්ලවාය කිරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි සම්පත් බණ්ඩාර නම් අයෙකු පිළිබඳ ඔහු හෙළිකර තිබූ අතර පානදුර අරුක්ගොඩදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන මයුරපුර නිවස පිළිබඳ සැකකරු හෙළිකර ඇති අතර එහි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන අවස්ථාවේ තමන් එහි රැඳී සිටි බවත් සැකකරු පොලීසියට…