Author: LFN

හෙරොයින් කිලෝ 2යි ග්‍රෑම් 755ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වලස්මුල්ල පොලිස් වසමේ දී කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරකන්ද ගොඩවැව අසලදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වූ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරවෙක් බවය. වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

පොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (03) නියම කළේය. ඉකුත් 2017 වසරේ අප්‍රෙල් මස 11 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෝපාන අංක එක ක්‍රියාකරුව සිටි රාගම පදිංචි ඒ.එච්. සමරකෝන් බණ්ඩා නිලධාරියාට පහරදීමට තැත් කරමින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බවට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව අදාළ නිලධාරියා මෙම පැමිණිල්ල සිදුකර තිබුණි. එම චෝදනාවලට අදාළ තීන්දුව ප්‍රකාශ කරමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ, හිටපු පොලිස්පතිවරයා චේතනාන්විතව පහරදීමක් සිදුකර නොමැති බවට නිගමනය කරන බවය.

Read More

මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. ව්‍යාපාරික ස්ථානයක රැඳීසිටි තරුණයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

‍ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවය. මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතය. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ. දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය බව සඳහන්ය.

Read More

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 06කින් අවුරුදු 08 කුඩා දැරියක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) එම අනතුරු සිදුව තිබුණේ පොල්ගහවෙල, රත්නපුර, කටුනායක, එරාවුර්, කුලියාපිටිය සහ හලාවත පොලිස් වසම්වලින්ය. කුලියාපිටිය – හෙටිටිපොළ මාර්ගයේ, ගොමුගමුව මංසන්දිය ආසන්නයේදී හෙට්ටිපොළ දෙස සිට පැමිණි ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි යතුරු පැදි දෙකක ගැටී තිබුණි. සිද්ධියෙන් යතුරුපැදි දෙකේ සිටි පුද්ගලයින් සිව්දෙනා තුවාල ලැබීය. එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ කුරුණැගල ශික්ෂණ රෝහලට මාරුකෙරුණි. එහිදී කුරුණෑගල ශික්ෂණ රෝහලට යොමුකෙරුණු තුවාලකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණි. කුලියාපිටිය පොලිසිය විසින් ටිපර් රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පොල්ගහවෙල – කෑගල්ල මාර්ගයේ පොල්ගහවෙල දෙසට ධාවනය…

Read More

චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම මේ වනවිට බීජිං අගනුවරදී ආරම්භ වී තිබේ. ඒ චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සහභාගීත්වයෙනි. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් චීනයේ ප්‍රධානතම හමුදා සැමරුමට සහභාගී වීම සඳහා ඊයේ (02) බීජිං වෙත පැමිණ තිබුණි. උතුරු කොරියානු නායකයා සමඟ ඔහුගේ දියණියද චීනය වෙත දුම්රියෙන් පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෝක පැසිට්වාදයට හා ජපාන ආක්‍රමණයට එරෙහි චීන යුද ජයග්‍රහණයේ 80 වන සැමරුමට සහභාගී වීම සඳහා රාජ්‍ය නායකයින් මෙලෙස පැමිණ තිබුණි. රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් ද මෙම සැමරුමට එක්ව තිබේ. මීට අමතරව ඉරාන සහ කියුබානු නායකයින් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් මෙම සැමරුමට සහභාගී වීමට නියමිතව…

Read More

ප්‍රදේශ දෙකක සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීටියාගොඩ සහ බණ්ඩාරගම පොලිස් වසම්වලදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිවලට අදාළ සැකකරුවන්ය. පෙරේදා (01) මීටියාගොඩ පොලිස් වසමේ මලවැන්න පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (02) සවස් කාලයේ තලවකැලේ පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින්ය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර අගෝස්තු 21 වන දින බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී…

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ. ඊයේ (02) රාත්‍රී 11.00ට පමණ ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහා මණ්ඩලයේ 60 වන සැසිවාරය සඳහා ගොනු කර තිබෙන ශ්‍රී ලංකාව පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ වාර්තාව මගින් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ අදහස් හා නිර්දේශ දක්වා තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් රජය ප්‍රතිඥා ලබාදුන්නද එම පනත උපයෝගී කරගනිමින් තවදුරටත් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ කාලීනව රඳවා තැබීමට කටයුතු කරන බව අදාළ වාර්තාවේ දැක්වෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම තවදුරටත් අත්හිටුවීම, එය අහෝසි කිරීම හෝ ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූලව නව නීති කෙටුම්පතක් හඳුන්වාදීම වේගවත් කළයුතු බව මානව හිමිකම් මහා කොමසාරිස්වරයා නිර්දේශ කර තිබේ. එමෙන්ම ත්‍රසතවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවාගෙන සිටින සියලුම…

Read More