Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දී තිබේ. මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩුකිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඒ මහතාව පසුගිය සැප්තැම්බර් මස 10 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ. ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය. ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්තවි තිබේ. මියයන විට ඒ මහතා 56 වන වියේ පසුවු අතර, ඔහු දෙදරු පියෙකි. උඩවෙල මහතා වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය තුළින් ද සිය රංගන හැකියාවන් ලාංකීය ප්‍රේක්ෂකයාට උරුමකර දුන් දක්ෂ කලාකරුවෙකි. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී ඇති බව කියයි.
රෝහල්වල අතරමඟ නවතා ඇති ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති ඉදිරි වසර 02 තුළ අවසන් කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ සඳහා රුපියල් බිලියන 45ක මුදලක් අවශ්‍ය වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. නැගෙනහිර පළාතේ අම්පාර සහ කල්මුණේ සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ වන ප්‍රකාශ කළ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේය. එමෙන්ම සෞඛ්‍ය කාර්යය සහයකයින් 1,900 දෙනෙකු ඉදිරි මාස 02 තුළ බඳවා ගැනීමට කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදි සඳහන් කර තිබේ. එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරිවල නිරත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙලක් ද…
ඇල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් 16 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සිදුවු බිහිසුණු අනතුර සම්බන්ධ සම්පූර්ණ වාර්තාව අමාත්‍ය බිමල් රතනායක මහතා වෙත භාරදී තිබේ. ඊයේ (22) එම වාර්තාව නිල වශයෙන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී අමාත්‍යවරයා වෙත භාර දී ඇත. අනතුරට පත්වූ NB- 1673 යන බස් රථය එය ධාවනය කළ රියදුරු වන චිරාත් දිමන්ක යන තරුණයා විසින් පදවා ඇත්තේ ප්‍රථම වතාවට බවත් අධික බෑවුම් සහ වංගු සහිත අවධානම්කාරී මාර්ගයක, මාර්ගය හුරු නැති රියදුරෙකු ලෙස පිරිසක් රැගෙන බසය ධාවනය කිරීම අනතුරට හේතුව ලෙසත් අදාළ වාර්තාවේ සඳහන්ය. අදාළ බස් රථයේ අනන්‍යතාවය සැක සහිතද බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහයන් වෙයි. අනතුරට මූලික…
මහනුවර දළදා මාළිගාවේ ඇත් පන්තියට අයත් ‘කදිරා’ නැමති අලියා ඇත් ගොව්වාට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ. අලියාගේ පහරදීමෙන් තුවාල ලැබූ ඇත්ගොව්වා මේ වනවිට මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ තත්ත්වය පිළිබඳ මෙතෙක් නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ නොහැකි වන අතර, අභ්‍යන්තර ලේ වහනය වීම හේතුවෙන් මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිත බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. ආහාර ලබාදීමට යෑමේ දී අලියා එක්වරම පහරදී ඇති අතර තුවාල ලබා ඇත්තේ, අවුරුදු 22ක් වූ ධනුෂ්ක රුවන් කුමාර නැමති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ධීවර රැකියාව සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ. පසුගිය 21වනදා සවස් කාලයේ කල්පිටිය, සින්නකුඩිඉරිප්පු කළපු තීරයෙන් බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු නැවත නොපැමිණීමක් සම්බන්ධව ඊයේ (22) දින කල්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 27 හා 34 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. අතුරුදන් වූ අයවලුන් සොයා කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
අම්පාර, කල්මුණ හන්දිය දෙස සිට බණ්ඩාරනායක වටරවුම දෙසට ධාවනය කළ ටිපර් රථයකට මාර්ගය අයිනේ ගමන් කළ දරුවෙකු හා කාන්තාවක් ගැටී සිදු වූ අනතුරකින් කුඩා දරුවා මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (22) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් දරුවා හා කාන්තාව තුවාල ලබා අම්පාර රෝහලට ඇතුලත් කිරීමේදී දරුවා මියගොස් ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වූ උහන ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රු මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබේ. එමෙන්ම සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක් ඇතුළුව සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 705.91ක් බව ද පොලීසිය විසින් තහවුරු කර ඇත. මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථවල ලියාපදිංචි හිමිකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තා වේ. මේ අතර, තංගල්ල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සොයාගත් මෙම මත්ද්‍රව්‍ය, මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන එක් පුද්ගලයෙකුට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට මේ වන විට අනාවරණය වී තිබේ. විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන ‘උනාකූරුවේ ශාන්ත’ නැමැති අපරාධකරු විසින් අදාළ…