Author: LFN

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් වූ භික්ෂූන් වහන්සේලා සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබේ. අපවත් වූ හිමිවරුන්ගෙන් දෙදෙනෙකු විදෙස් ජාතික හිමිවරු වන අතර, උන් වහන්සේලාගේ සිරුරු ගොකරැල්ල ප්‍රාදේශයේ රෝහලේ තැන්පත් කර ඇත. අනෙකුත් හිමිවරුන්ගේ සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලේ නැත්පත් කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ එම ඩක්කුවේ භික්ෂූන් වහන්සේලා 13ක් සිට ඇති බව සඳහන්. බරපතළ තුවාල ලැබූ හිමිවරු මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

Read More

නවගමුව පොලිස් වසමේ බෝමිරිය ශ්‍රී විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරස්ථානයේ සර්වඥ ධාතු පෙරහර මංගල්‍ය පසුගිය 21 වනදා සිට හෙට (25) දිනය දක්වා පැවැත්වේ. ඒ අනුව දිනයේ දී රාත්‍රී 07.00 සිට සර්වඥ ධාතු පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතය. මෙම පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී යාකාල හන්දිය හරහා මාර්ග අංක 697 මාර්ගයේ පැමිණ කොරතොට පන්සල අසලින් වැලිහිඳ පාර ඔස්සේ නැවතත් යාකාල හන්දියට හරහා දහම් පාසල් මාවත ඔස්සේ විහාරස්ථානය වෙත ගෙවදීමට නියමිතව ඇත. මේ හේතුවෙන් එම මාර්ගයන්හී ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දැනුම් දී ඇත. විකල්ප මාර්ග කඩුවෙල වෙලේ හන්දිය දෙස සිට මාර්ග අංක 697 ඔස්සේ අතුරුගිරිය දෙස ගමන් කරනු ලබන වාහන…

Read More

හිටපු ඇමති උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම සඳහා තීරණයක් ගනු ලැබුවොත් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දෙන බව නීතිපතිවරයා අද (24) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ. තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය.

Read More

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය කොළඹ ජනාධිපති ලේඛම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපට අසුන් ගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. වැන්දඹු වැටුප් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ආරම්භ කර ඇත. විරෝධතාවය ආරම්භයට පෙර විරෝධතාකරුවන් පාගමනින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ජනාධිපති ලේඛම් කාර්යාලය දක්වා පැමිණීමට කටයුතු කළහ.

Read More

කොළඹ මහ නගර සභාවේ සේවකයින්ට අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ එහි කාර්යාල කාර්ය සහයකයෙකු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සිය කාර්යාල කාමරය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් කර නගර සභා සේවකයින්ට අලෙවි කර ඇති බව පොලීසිය පැවසීය. කැම්බල් පිටිය ආසන්නයේ පිහිටි කොළඹ මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලේ අදාළ සේවකයාගේ කාර්යාලය පිහිටා ඇති අතර ඔහු එහි රිය සහයකයෙකු වශයෙන් කටයුතු කර ඇත. වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට පසුගිය 22 වනදා ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් විසි දහසකට අධික ප්‍රමාණයක් සොයාගත්…

Read More

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කළේය. ඒ අනුව අදාළ නඩුවේ විභාගය නොවැම්බර් මස 17 වනදා ආරම්භ කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කර ඇත. මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියට ලබා දුන්නේය ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුව නොවැම්බර් මස 17 වනදා විභාගයට ගැනීමට තීරණයම…

Read More

සෞඛ්‍ය තත්ත්වය මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා ප්‍රංශය, එංගලන්තය හෝ ඉන්දියාව වැනි රටකට යෑමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ විපක්ෂයේ වගකීම භාරගනිමින් ඉදිරි දේශපාලන කටයුතු සිදුකර ලෙස හිටපු ජනාධිපතිවරයාට පසුගියදා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් ආරාධනා ලැබිණි. ඒ අනුව, ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති අතර දේශපාලන රැස්වීම් දහසක් පැවැත්වීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අදහස් පලකර තිබේ. කෙසේවෙතත් සෞඛ්‍ය තත්ත්වය මත මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු මුල්කරගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගතවීමේ සූදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් නිශ්චිත දිනවකවාණු…

Read More

අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) මහතා අතර හමුවක් එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී සිදුව තිබේ. අමෙරිකා වේලාවෙන් ඊයේ (23) පස්වරුවේ මෙම හමුව සිදුව ඇත. මෙහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත් අතර, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය යන මහත්වරුද එක්ව සිටියහ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී…

Read More

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුවී තිබේ. ඒ, එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ය. අමාත්‍ය විජිත හේරත් මහතා ඒ පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තමබින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වී සිටී. ඒ අනුව අද (24) එරට වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මෙම සංචාරය…

Read More

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් දැඩි ලෙස අවවාද සිදුකර තිබේ. දුරකථන මාර්ගයෙන් මෙම අවවාදය සිදුකර ඇති බව පැවසෙයි. ඒ, තිසකුට්ටි ආරච්චි මෑත කාලීනව සිදුකළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවට සඳහන් කරමිනි. ඊට ප්‍රතිචාර වශයෙන් පොහොට්ටුව මෙම දැඩි අවවාදය සිදුකර ඇති බව පැවසෙයි. හෙට (25) දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් සිදුකර ඇති බවද වාර්තා වෙයි. මේ අතර පසුගියදා අනුරාධපුරයේ පැවැති රැස්වීමක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ, “මේ රටේ නාමල් රාජපක්ෂ…

Read More