Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වීමට පෙර 2019 වසරේ තිබූ තත්ත්වයට ලබන වසරේ දී යාමට හැකිවනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට එක්ව සිටින ජනාධිපතිවරයා අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් නිව්යෝර්ක්හිදී හමු වූ අවස්ථාවේ දී මේ බව පැවසීය. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, 2022 වසරේ දී නිල වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට වූ ශ්‍රී ලංකාව, අද එම අර්බුදය වේගයෙන් සමනය කරගත් රාජ්‍යයක් බවට පත්ව ඇති බවයි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “ජනාධිපතිවරයෙන් ලබාගත් ජයග්‍රහණයට විශාල සහයෝගයක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ඉටුකළා. මූල්‍යමය ලෙස උදව් කළා. ඒ දායකත්වය ජයග්‍රහණ ලබාගන්න හේතු වුණා.…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර ඇති වෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය…
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනෙකු සහ රෝහලේ දී මියගිය උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයෙකු ඊයේ (24) රාත්‍රී තංගල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි. එහිදි සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඔවුන් ලබන 29 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් එක් ලොරි රථ හිමිකරුවෙකු සහ එහි රියදුරු ද ලබන 29 වනදා…
පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය නැවත භාවිතයට ගත හැකි ද්‍රව්‍ය බවට පරිවර්තනය කිරීමේ පහසුකම් සැලසීම වෙනුවෙන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන ආරම්භ කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය එක්ව එම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව පළාත් නවයම ආවරණය වන පරිදි ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය ඇති කිරිමට සැලසුම් කර ඇති අතර, එහි පළමු වැඩසටහන ලෙස රුපියල් මිලියන 50යි දශම 8ක වියදමින් කාත්තන්කුඩි නගර සභාවේ ඝන අපද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේ වැඩආරම්භ කිරීම සිදුකර තිබේ. ඒ සඳහා නොදිරන කසළ ප්‍රමාණයක් ජනනය වන ස්ථාන 06ක් බැගින් ස්ථාන…
ලොව හොඳම සංචාරක ස්ථාන පිළිබඳ තොරතුරු ඉදිරිපත්කරන සඟරාවක් වන බ්‍රිතාත්‍යයේ ‘ටයිම් අවුට්’ නිකුත්කළ නවතම අනාවරණයට අනුව ඔක්තෝබර් මාසයේ සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇත. ශ්‍රී ලංකාවේ උණුසුම් නිවර්තන දේශගුණය, සංස්කෘතික උරුමයන් සහ ස්වාභාවික භූ දර්ශන මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. තවද එම සඟරාව දිවයින වටා ඇති ආකර්ශණීය වෙරළ තීරයන් සහ කඳු නැගීම සිට පෞරාණික නටබුන් සහ වනජීවී සෆාරි යනාදියද ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස තෝරාගැනීමට හේතු වී ඇත. ටයිම් අවුට් සංචාරක සඟරාවට අනුව මෙම ශ්‍රේණිගතකිරීමට සෘතුමය චමත්කාරය, සංස්කෘතික සිදුවීම් සහ ඔක්තෝබර් මාසයේදී විශේෂයෙන් භුක්ති විඳිය හැකි අත්දැකීම් යනාදිය පදනම්කරගෙන තිබේ. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය තුර්කියටද,…
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. සුපිරි 4 වටයේ ඊයේ (24) රාත්‍රියේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 127ක් පමණි. ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය. පාකිස්තානය හමුවේ ලැබූ පරාජයත් සමග අවසන් මහා තරගය නොපෙන ඈතක තිබූ ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය ගැන යම්කිසි හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් මෙම තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජයගත යුතුව තිබුණි. ඒ අනුව නොනිල ලෙස…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු,…
දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි සටන ලොව සෑම රටකම සංස්කෘතියේ කොටසක් බවට පත්විය යුතු බවය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය. මත්ද්‍රව්‍ය සහ ඒ හා බැදුණු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් වර්තමානයේ ලෝකය නවතම ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය. පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිලිගන්නා අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් නතර කිරීම සදහා ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහ…
මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි. පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර, ඉන් භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි. අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණි. අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින…
කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. අද (25) අළුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව වාර්තා වේ. වෑන් රථයේ සිටි රියදුරු ඇතුළව 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරුද ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුලත් කර තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු වන අතර තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.