Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා 24 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඒ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ කමිටුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන පළමු කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගිවීමටය. 2025 සැප්තැම්බර් 26 වන දින මෙම සමාලෝචන රැස්වීම පැවැත්වෙන අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ ජිනිවාහි නිත්‍ය නියෝජිත කාර්යාලයේ උසස් නිලධාරින් මේ සඳහා සහභාගිවීමට නියමිතව ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාව 2016 සිට බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ සම්මුතියේ පාර්ශවකරුවෙකි.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි නායකයකු බව කියන රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඊයේ (23) අවසර ලබා දුන්නේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කළේය. ඒ අනුව බන්ධනාගාරගතව සිටින මෙම සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය…
ඊශ්‍රායලයේ ARKIA AIRLINES ගුවන් සමාගමේ IZ 639 දරන ගුවන් යානය ඊයේ සිට සෑම සතියකම අඟහරුවාදා පස්වරු 18.30 ටෙල්අවිව් ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා ගමන් කිරීමට නියමතව ඇත. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමින් මේ බව සඳහන් කර තිබේ. එම ගුවන්යානය අද උදේ 06.15ට කොළඹ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය. ඕමානය හා මාලදිවයින ඊශ්‍රායිල් ගුවන් යානා සඳහා ගුවන් අවකාශය තහනම් කිරීම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගොස් කොළඹට පැමිණීමට හා කොළඹ සිට ටෙල් අවිව් බලා ගමන් කිරීමට පැය 09.15 කාලයක් ගතවේ. අද රාත්‍රී 22.30ට කොළඹින් පිටත්වන IZ 640 ගුවන් යානය බ්‍රස්පතින්දා උදෑසන 05.35ට ටෙල්අවිව්…
ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම රාත්‍රී දක්වා ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි. එහි සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේ, අද දහවල් ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු වෘත්ති සමිති එක්ව අවසන් තීරණයක් ගන්නා බවය.
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තිස්සමහරාමය, වෙන්නප්පුව, මීරිගම සහ කල්පිටිය පොලිස් වසම්වලින් ඊයේ (23) මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. මීරිගම පොලිස් වසමේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඩී.එස්. හන්දිය අසලදී යතුරුපැදියක් දකුණුපසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ප්‍රයිමුවර් රථයේ ගැටී යතුරුපැදියේ පසු පැදිකාරිය ප්‍රයිමුවර් රථයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, නවගමුව, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකි. මේ අතර තිස්සමහරාමය පොලිස් වසමේ පන්නේගමුව දියබැදිය අතුරු මාර්ගයේ පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය…
ඊයේ (23) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේම නොවෙනස්ව පවතිනු ඇත. දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ. වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, උද්ධමනය 5%ක ඉලක්කයක් කරා මෙහෙයවීමට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං…
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය සහිත ලොරි තුනක් හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. තංගල්ල ප්‍රදේශයේ දී ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බව පොලීසිය පවසයි. පොලිසිය සදහන් කළේ ලොරි රථ තුනෙහි තිබී අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල කිලෝග්‍රෑම් 705.91ක තොගයක් සොයාගත් බවය. ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක තොගයක් වන බව සදහන් වෙයි. තංගල්ල, සීනිමෝදර ප්‍ර දේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමත් සමග පොලිසියට ලද තොරතුරු මත ඊයේ දින සිදුකළ විශේෂ මෙහෙයුමක…
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අංක LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුව එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබේ. සැකකරු වලව්වත්ත, ශ්‍රී ධර්මාරාම පාර රත්මලාන ලිපිනයේ පදිංචිව සිට ඇත. අංක 43, කොටඹගහවතුගොඩ, සීනිමෝදර නැගෙනහිර, තංගල්ල ලිපිනය සහිත නිවසේ පුද්ගල මළසිරුරු දෙකක් හමු වු නිවස ආසන්නයේ තිබී මද්‍රව්‍ය සඟවා තිබූ මෙම ලොරි රථය පොලීසිය විසින් ඊයේ (22) සොයාගනු ලැබීය. ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලාධාරීන් විසින් එම ලොරි රථයේ හිමිකරු වන මෙම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් සමග අත්අඩංගුවට…
නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර මූල්‍ය කර්මානතය සඳහා පුළුල් නියාමන රාමුවක් ස්ථාපිත කිරීම උදෙසා 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් හඳුන්වා දීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි. ඒ අනුව සකස් කළ පනත් කොටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව එම පනත් කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්වයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙන්සම් 07ක් ගොනුකර ඇත. එම පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීරණය හා පාර්ලිමේන්තුවේ ‘ ආර්ථික අර්බුදය බලපෑම සමනය කිරීම…