Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත් උවඳුර තුරන් කිරීමේ නව වැඩපිළිවෙලක් ගැන ඇමති කියයි
    Featured

    මත් උවඳුර තුරන් කිරීමේ නව වැඩපිළිවෙලක් ගැන ඇමති කියයි

    By LFNSeptember 28, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අතර ඍජු සම්බන්ධයක් ඇති බවත් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වීම හරහා රටේ දරුවන් එහි ගොදුරක් බවට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    යහපත්, බුද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ මානව සම්පතක් සිටිය යුතු බවත්, මෙම මත් උවඳුරට රටේ දරුවන් ගොදුරු වීම හරහා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති අතර ඉන් සිදු වන්නේ රටේ අනාගත පරපුර විනාශ වී යාම බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය.

    එමෙන්ම බන්ධනාගාරවල සිටින අපාරධකරුවන් අතර 72%ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදි සම්බන්ධ පුද්ගලයින් වන අතර මෙම ප්‍රමාණය 100%ක් දක්වා වර්ධනය වුවහොත් සමාජය තුළ මහා ව්‍යසයනක් ඇති වන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ ආර්ථික වශයෙන් රට කෙතරම් දියුණු වුවද රටේ අනාගත පරපුර මෙම ව්‍යවසනයට ගොදුරු වී සිටී නම් අපි රටක් ලෙස දියුණු වී පළක් නොමැති බවය.

    පොලීසියේ අලුතින් බඳවා ගන්නා නිලධාරීන්ගෙන් 15%ක් 20%ක් අතර ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අතර ඒ හේතුවෙන් ජනවා‍රි මාසයේ සිට මේ දක්වා නිලධාරීන් 68කගේ වැඩ තහනමට ලක්ව ඇති බවද එහිදී ඔහු සඳහන් කළේය.

    එමෙන්ම මෙම ව්‍යසනයට පිළියමක් ලෙස තව දින 10ක් 12ක් ඇතුළත මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකා භූමියෙන් තුරන් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේය.

    එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා,
    ”රටේ අනාගත දරු පරපුර ආරක්ෂා කරගන්න ඕන. ඒ හින්දා බරපතළ වගකීමක් ආණ්ඩුවට පැවරිලා තියෙනවා. අපි ඒ අභියෝගය අරන් තියෙනවා. විශේෂයෙන් මේකේ ප්‍රධාන කාර්යය තියෙන්නේ, මත්ද්‍රව්‍ය සැපයුම රට තුළට ගලා ඒම වැළැක්වීම. එක පැත්තකින්, අනිත් පැත්තෙන් මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවම කිරීම. මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා තියෙන ආයතන අතර ප්‍රධානතම ආයතනය ශ්‍රී ලංකා පොලිසිය. ඒ හින්දා අපි රජයක් හැටියට තීන්දු කරලා තියෙනවා, කොච්චර අභියෝගකාරී වුණත්, මේ ප්‍රශ්නයේදී, මේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය පාලනය කෙරෙහි ප්‍රමුඛ කාර්යයක් කොට සලකලා, කටයුතු කරන්න. අපි ඉදිරි ඒ සඳහා වැඩපිළිවෙළක් මේ රටට එළිදක්වනවා. අපි මේ වෙනකොට අමාත්‍ය මණ්ඩලය තීන්දු කරලා තියෙනවා අන්තරායකර පාලක මණ්ඩලය, අධිකරණ අමාත්‍යංශය යටතේ තියෙන පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලයත් ඒකාබද්ධ කරන්න. ඒ වගේම මේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල ශක්තිමත් කරන්න. මේ ධාරිතාව විශාල වශයෙන් ඉහළ යා යුතුයි. මොකද විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඔවුන්ට දඬුවම් දීලා පමණක් මේක විසඳන්න හැකියාවක් නෑ. ඒ සඳහා පුනරුත්ථාපනය නැත්නම් ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ උවදුරෙන් මුදවා ගැනීම සඳහා වැඩසටහන් කළ යුතුයි. ඒ හින්දා අපි පළමුවෙන්ම මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ ක්‍රියාමාර්ග වගේම මත්ද්‍රව්‍ය සඳහා තියෙන ඉල්ලුම අවම කිරීමේ ක්‍රියාමාර්ග ඉතාම ශක්තිමත් කරන්නත්, පුළුල් කරන්නත් කටයුතු කරනවා මේ වසර තුළ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.