Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ASP ඕලුගල ඉන්දුනීසියාවට පැමිණි බවට පොලිසියෙන්ම පද්මේට ඔත්තුවක් දීලා
    Featured

    ASP ඕලුගල ඉන්දුනීසියාවට පැමිණි බවට පොලිසියෙන්ම පද්මේට ඔත්තුවක් දීලා

    By LFNSeptember 28, 2025No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඉන්දුනීසියාවට පැමිණ ඇති බව කෙහෙල්බද්දර පද්මේට පොලිසියෙන්ම ඔත්තුවක් ලබාදී ඇති බවට අනාවරණ වී තිබේ.

    මේ පිළිබඳ ව හෙළිවී ඇත්තේ සිදුකරමින් පවතින විමර්ශන අතරතුරදීය.

    මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුව ද මෙරට පොලිසිය හරහාම ඔහු වෙත ඔත්තුවක් ලෙස ලබාදී ඇති බවත් වාර්තා වේ.

    කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි.

    ඒ දෙරටේ ආරක්ෂක අංශ ඒකාබද්ධ වෙමිනි.

    මෙහෙයුම සඳහා මෙරටින් එක්වූ නිලධාරීන් ඉන්දුනීසියාවේදී දැඩි කැපකිරීම් සිදුකරමින් දින ගණනක් පුරා වෙහෙසී ක්‍රියාකළ බව නොරහසකි.

    ඕලුගල මහතා දින කිහිපයක සිට නොමැති බව දරුන් නැමැති අපරාධකරුට පොලිසියෙන් දැනුම්දී ඇති බවත් ඔහු ඕලුගල මහතාගේ දුරකථන අංක ඔස්සේ අයි.පී. අංකය පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

    අනතුරුව දරුන් නමැත්තාට හෙළිවී ඇත්තේ, ඕලුගල මහතා ඉන්දුනීසියාවට ගොස් ඇති බවය.

    ඒ අනුව මේ පිළිබඳ සැලවූ කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත හා කුඩු නිලංග එතෙක් රැඳීසිටි හෝටලයෙන් සිට පලාගොස් ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

    මේ අතර කෙහෙල්බද්දර පද්මේ අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර තිබූ රතු වරෙන්තුවේ ඡායාරූපයක් කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයේ තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

    පොලිස් ආරංචි මාර්ග පවසන්නේ පොලිසියේ සිටින ඇතැම් දූෂිත නිලධාරීන් කෙහෙල්බද්දර පද්මේ පාර්ශ්වය සමග සමීප සබඳතා පවත්වමින් මෙලෙස ඔවුන්ට ඔත්තු ලබාදී ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202601 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.