Author: LFN

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සොයාගත් නිවසේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පුත්‍රයෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ. ඒ 16 හැවිරිදි එම පුත්‍රයා ඊයේ (26) දිනයේ තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ඒ අනුව සැකකරු ලබන මස 01 වැනි දින දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබා දී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා, අදාළ නිවසේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය සහිත ලොරිවල හිමිකරුවන් ඇතුළු සැකකරුන් 06 දෙනෙකු මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවයට ගනු ලැබීය. ඒ අනුව ඉන් එක් පුත්‍රයෙකු සහ ලොරි රථවල හිමිකරුවන් පසුගිය 24 වැනිදා අධිකරණයට ඉදිරිපත්…

Read More

තිස්සමහාරාම මුතියම්මාන ප්‍රදේශයේදී ඊයේ (26) පස්වරු 05ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් අවුරුදු 58ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බෝර 12 පතුරම් යොදන ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලීසිය පවසයි. වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා පලාගොස් ඇති අතර සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කළේය. මියගිය තැනැත්තාගේ පුත්‍රයාගේ බිරිඳ සමග ඇති වූ වෙඩි තැබූ පුද්ගලයා අතර පැවැති සම්බන්ධයක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයිද වාර්තා වේ. පොලීසිය පැවසුවේ මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරමින් පවතින බවය.

Read More

නැෂනල් වර්කස් ඉන්ස්ටිටියුට් නම් ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් 2020 වසරේදී ව්‍යාජ බදු ඔප්පුවක් සකසා රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් සිදුකළේ යැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයට චෝදනා එල්ල වී තිබේ. එම නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම නඩුවේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක් සිදු කළේය. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ප්‍රකාශ කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවය. නඩුව නැවතත් 2026 වසරේ…

Read More

පැතුම් නිස්සංක හා කුසල් ජනිත්ගේ උත්සාහවන්ත ඉනිම් ද්විත්වයට වටිනාකමක් නොදුන් පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (26) පැවති තරගයෙන් ඉන්දියාව හමුවේ තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග අවසන් කරමින් මෙම තරගය ඩුබායි හිදී ඊයේ (26) රාත්‍රියේ පැවැත්විණි. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස්කිරීමට සමත් විය. එය මෙවර ආසියානු කුසලානයේ දී කණ්ඩායමක් රැස්කළ ඉහළම ඉනිම විය. කෙසේ නමුත් එම ඉලක්කය ආසන්නයටම ගිය ශ්‍රී ලංකාව ද පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස්කළේය. එහිදී විශිෂ්ට ඉනිමක්…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය. අද දිනය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම, සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති වෙයි. තද සුළං මඟින් සිදුවිය හැකි අනතුර, අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More

කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරන බව අල්ලස් කොමිසම ඊයේ (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. මෙම නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවා තිබුණි. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව මෙම සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවය. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න සහ ධීවර වරාය නීතිගත සංස්ථාවේ…

Read More

පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) සවස් කාලයේ වැලිකඩ පොලිස් වසමේ අංගොඩ ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධියට සම්බන්ධ සැකකරු අසල්වාසී පුද්ගලයෙකු වන අතර මියගිය කාන්තාව සහ සැකකරු එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක් සිදුකරමින් සිට ඇත. ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් අදාළ කාන්තාවගේ නිවසේදී ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෘතශරීරය මුල්ලේරියාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතවය. ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන දින දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම සංචාරය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතය. තවද ජපන් අග්‍රාමාත්‍යවරයා සමග අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබද අවධාරණය කෙරෙන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමට නියමිතව ඇත. ඊට අමතරව ‘එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනය සඳහා ද ජපන්…

Read More

කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

Read More

මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද (26) සිට GovPay හරහා සිදු කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙමගින් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ගේ ඕනෑම ගෙවීම් කටයුත්තක් GovPay හරහා අද සිට සිදු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවය. ඒ අනුව මෙම ගෙවීම් ක්‍රමය මගින් මධ්‍යම පරිසර අධිකාරියේ සේවාලාභීන්ට කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම අමාත්‍යාංශය පවසයි. රජයේ ඩිජිටල් රාජ්‍යකරණ ප්‍රතිපත්තිය හා අනුගත වෙමින් මේ වන විට රජයේ ආයතන බොහොමයක් තොරුතුරු තාක්ෂණය භාවිතා කරමින් රාජකාරී කටයුතු සිදු කරනු ලබන අතර ඒ අනුව රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස…

Read More