Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී – 56 පතරොම් ගැබක් සමඟ සැකකරුවෙකු කොට්ටාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 මිලිග්‍රෑම් 400ක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන දෙකක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන අඟුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සැකකරුවා ඉදිරි විමර්ශන සඳහා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ කුසලානය ලබා දීමට සූදානම් වූ පාකිස්තාන ස්වදේශ කටයුතු අමාත්‍ය මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මොහ්සින් නක්වි අතින් කුසලානය ලබා ගැනීමට තිබූ අකමැත්ත හේතුවෙනි. “පාකිස්තානයේ අමාත්‍යවරයෙකු වන ACC සභාපතිවරයාගේ අතින් ආසියානු කුසලානය ලබා නොගැනීමට අපි තීරණය කර තිබෙනවා” යැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසීය. කුසලානය ලබා දීමේ අවස්තාවේදී “ඊයේ රාත්‍රියේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ සම්මාන ලබා නොගන්නා බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය මට දන්වා තිබෙනවා,” යැයි නිවේදකයා එහිදී පැවසීය. උත්සවයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් පැවසුවේ තමන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද දිනයේදී වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (35-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසයි. ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බව වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවය. ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය. එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය. එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන්ද විමසා බැලීමට පියවර ගනු ලැබීය.
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ගාල්ල දෙස සිට හික්කඩුව දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව ගාල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් වූ බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය ගාල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. උන්වහන්සේ කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී ඇත. ඒ අනුව මෙම අනතුරින් මේ වන විට අපවත් වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම සිද්ධියෙන් තවත් භික්ෂුන් වහන්සේලා පස්නමක් තවදුරටත් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. එම ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී අනතුරක් සිදුවූයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේය. අනතුර සිදුවන අවස්ථාවේදී එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේලා 13 නමක් සිට ඇති බවත් වාර්තා විය. අනතුරින් අපවත් වූ හිමිවරුන් තිදෙනෙකු විදෙස් ජාතික හිමිවරුන් වූ අතර එම හිමිවරුන් ඉන්දියාව,…
“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (27) ආරම්භ කෙරිණි. කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය ස්ථානයක් සේ සලකන නාරාහේන්පිට දුම්රිය ස්ථානය කොටා රෝඩ් දුම්රිය ස්ථානයට හා කිරුලපන දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇත. කොළඹ සිට 5.06 km දුරක් හා මුහුදු මට්ටමේ සිට උස 3.72m කින් පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය ප්‍රධාන වේදිකා දෙකකින් හා එක් ටිකට් කවුන්ටරයකින් සමන්විත වේ. ඒ අනුව මෙම දුම්රිය ස්ථානයේ දුම්රිය වේදිකා යා කරමින් මගී ගුවන් පාලමක් ඉදි කිරීම, සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු නවීකරණ කටයුතු රැසක් සිදු කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික අංශයේ…
ශ්‍රී ලංකාවේ මොංගෝලියානු ආරක්ෂක උපදේශක කර්නල් Odsuren Zayat මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අතර හමුවක් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවැත්විණි. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කර්නල් Zayat ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත වී තිබේ. එමෙන්ම කර්නල් Zayat, ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද හමු වී ඇත. එහිදී ආරක්ෂක සහයෝගීතාව සහ හුවමාරුව යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වේ. මෙම හමුවීම් මොංගෝලියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඵලදායි හා සාර්ථක ඉදිරි පියවරක් සනිටුහන් කළේය.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය අතර ඍජු සම්බන්ධයක් ඇති බවත් එය ක්‍රමයෙන් ව්‍යාප්ත වීම හරහා රටේ දරුවන් එහි ගොදුරක් බවට පත්ව ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. යහපත්, බුද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ මානව සම්පතක් සිටිය යුතු බවත්, මෙම මත් උවඳුරට රටේ දරුවන් ගොදුරු වීම හරහා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට හැකියාවක් නොමැති අතර ඉන් සිදු වන්නේ රටේ අනාගත පරපුර විනාශ වී යාම බවත් එහිදී ඔහු සඳහන් කර සිටියේය. එමෙන්ම බන්ධනාගාරවල සිටින අපාරධකරුවන් අතර 72%ක්ම මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ වැරදි සම්බන්ධ පුද්ගලයින් වන අතර මෙම ප්‍රමාණය 100%ක් දක්වා වර්ධනය වුවහොත් සමාජය තුළ මහා ව්‍යසයනක් ඇති වන බවද අමාත්‍යවරයා එහිදී…