Author: LFN

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Read More

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් හෙට (30) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා අද (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළේය. ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් ගතවී ඇති නමුත් තවමත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බව ද සඳහන් කර සිටි ඉලංගසිංහ මහතා අද වනවිට රාජ්‍ය අධ්‍යාපනය කඩා වැටීමේ බරපතළ අර්බුදයකට මුහුණදෙමින් සිටින බව ද පැවසීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයක පවතින බවත්, පසුගිය වසර තුළ පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආචාර්යවරු 200ක පමණ පිරිසක් පිටවී ගොස් ඇතැයිද ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කියා…

Read More

ජපානයේ නිල සංචාරක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ඉෂිබා ෂිගේරු මහතා අතර හමුව ටෝකියෝ නුවරදි සිදුව තිබේ. එහිදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින් දෙරට අතර ස්ථාපිත කර ඇති ගැඹුරු සහ පුළුල් විස්තීරණ හවුල්කාරිත්වයේ රාමුව යටතේ ආරක්ෂාව, ආර්ථික ආයෝජන සහ සංවර්ධන සහයෝගීතාව යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට දෙපාර්ශ්වයටම ඇති අරමුණ පිළිබඳව නැවත තහවුරු කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් ශ්‍රි ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ගමන් මග පිළිබඳව ජපාන අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළ අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ…

Read More

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ එලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳ සැල් සඳහා නඩු පැවරීමට ද කටයුතු කළ බවය. සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය පැවසීය. එම අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරයෙකු වේ නම් ඔහුට එරෙහිව නඩු පැවරීමේදි ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් නියම…

Read More

මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටී තිබේ. මේ වනවිට ඔවුන් මුදාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ.

Read More

මෙරට බිඳ වැටුණු ආර්ථිකය ගොඩනඟමින් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීම, දූෂණ වංචාවලින් තොර පාලනයක් ඇති කිරීම, රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම වැනි ජනතාව අපේක්ෂා කළ නව පරිවර්තනයන් වෙනුවෙන් ඉකුත් වසර තුළ රජය සැලකිය වැඩ කොටසක් ඉටු කර තිබෙන බව නාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එමෙන්ම ජනාධිපතිවරයා පැවසුවේ රට තුළ ගොඩනැඟෙන ආර්ථිකයෙහි, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බවත් එළැඹෙන අයවැය ලේඛනයෙන් අලුතින් කිසිදු බද්දක් හඳුන්වා දීමට අපේක්ෂා නොකරන බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රතිශත අඩු කිරීමටද ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජපානයේ වෙසෙන…

Read More

ඇඟේ ගල් ගැටගසා වතුර දමා තිබූ මළ සිරුරක් කැළණි ගඟේ කඩුවෙල පාලම යට තිබී සොයාගෙන ඇත. අදාළ මළ සිරුරේ ඉනෙහි, ගල් පිරවූ කලිසමක් ගැටගසා තිබූ බව කඩුවෙල පොලීසිය පැවසීය. දින හතරකට පමණ පෙර මෙම පුද්ගලයා මියගොස් ඇති බවට සැකකරන අතර, මළ සිරුර ගොඩට ගන්නා විටත් දැඩි ලෙස නරක් වී ඇත. මළ සිරුරේ යට ඇඳුම පමණක් තිබී ඇති අතර, එම පුද්ගලයා ඇද සිට කලිසම බවට සැකකල හැකි කලිසමක ගල් පුරවා දෙකෙළවර ගැට ගසා ඉනෙහි ගැටගසා තිබී ඇත. නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

Read More

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා සිටින සම්පත් මනම්පේරිගෙන් විමර්ශන නිලධාරීන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර එහිදී අයිස් අමුද්‍රව්‍ය ඇතුළු කරුණු සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී තිබේ. සම්පත් මනම්පේරි විමර්ශන නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන බවට පැවසෙන රසායනික ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් දිනකට පසුව ඒවා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික බවට තමන් දැනගත් බවය. එතෙක් තමන් ඒ පිළිබදව කිසිවක් දැන නොසිටි බවද සැකකරු පවසා තිබේ. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ බැකෝ සමන්ගේ වට්ස්ඇප් දැනුම්දීම මත එම කන්ටේනර් දෙක මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගිය බවය. එහිදී බැකෝ සමන් විසින් ”අයියේ කන්ටේනර් දෙකක් තියෙනවා. ඒ දෙක නිදහස්…

Read More

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් හදවත් දිනය සමරනු ලැබේ. ලොව වැඩිම පිරිසකට මරණය ගෙන දෙන රෝගී තත්ත්වයක් ලෙස හදවත් රෝග සැලකිය හැකි අතර ලෝක හදවත් දිනය ප්‍රකාශයට පත් කිරීම මගින් බලාපොරොත්තු වන්නේ ඒ පිළිබද දැනුවත් කර එමගින් සිදුවිය හැකි මරණ අවම කර ගැනීමය. මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ ”සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා” යන්න වේ. මේ අතර ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ…

Read More

මෙරට පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය සඳහා නැඹුරු වන්නේ බස්නාහිර පළාත තුළ සිටින ළමුන් බවට අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි. කොළඹ දිස්ත්‍රික්කය ඉන් ප්‍රධාන තැනක් ගන්නා අතර ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ, කොම්පඤ්ඤවීදිය, අඟුලාන, කෙසෙල්වත්ත, පානදුර, දෙහිවල, ගල්කිස්ස, හික්කඩුව ඇතුළු නගර රැසක අඩු ආදායම් ලාභි පවුල් ජීවත්වන ප්‍රදේශවල ළමුන් මත්ද්‍රව්‍ය සඳහා වැඩි නැඹුරුවක් දක්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටී. මීට අමතරව පාසල් ළමුන්ගෙන් බහුලවම මත්ද්‍රව්‍ය වෙත නැඹුරුවන ප්‍රදේශයක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ. එමෙන්ම ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ද අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති බව අන්තරායකර…

Read More