Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි. සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ.කි.මී. 30-40 පමණ බව…
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. “ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” තේමාව යටතේ ලෝක ළමා දිනයත් “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද දිනයේ සමරනු ලැබේ. දිවයින පුරා පාසල්වල ළමා දිනයට සමගාමීව විවිධ උත්සව සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇත. ළමා දිනය වෙනුවෙන් පසුගිය 25 දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වූ අතර වැඩිහිටි දිනය වෙනුවෙන් අද (01) සිට 7 දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකය.
මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූ කම්පනය හට ගෙන ඇති බවය. භූ කම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලිවලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්ය. පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවය. භූ කම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න ජනගහනයක් සිටී. ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව ඉහළ තවත් යනු ඇති…
ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (01) යෙදී ඇති ලෝක ළමා හා වැඩිහිටි දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින බවය. රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින ළමා පරපුරේ අව්‍යාජ ලෝකයේ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට බාධාවකින් තොර වූ අවස්ථාවක් හිමිකර දීම ප්‍රජාවක් සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පවසයි. යුතුකම් සහ වගකීම් නිර්මාණය වන බව අවබෝධ කර ගත් රජයක් ලෙස සෑමවිටම ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සහ තහවුරු කිරීමට කැප වී සිටින බවඳ එම පණිවුඩයේ සඳහන්ය. සියලුම ළමුන්ගේ කායික-මානසික…
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට ගම්පහ මහාධිකරණයෙන් ඇප නියම කර තිබේ. රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණුවේ යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධ නාගාරගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ ඇප අයදුම අද (30) යළිත් සලකා බැලුණි. ඒ ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේදී ය. ප්‍රසන්න රණවීර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරනයෙදී කරුණු දක්වා සිටියේය. එහිදී ඉදිරිපත් වුනු කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරු නයනා සෙනෙවිරත්න මහත්මිය සැකකාර ප්‍රසන්න රණවීර මහතා සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය . මේ…
ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොමු කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මෙරට තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදි නිව් විතානකන්ද සිලෝන් කළු තේ සඳහා ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් වාර්තා අතර එක් වූ බවය. කෙසේ නමුත් ඒ සම්බන්ධව අදහස් දැක්වීමේදි තමා අතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධව තමන් කනගාටු වන බවද අමාත්‍යවරයා සිය සටහනේ සඳහන් කර ඇත.…
තම ගැටලුවලට රජයෙන් විසඳුම් නොලැබුණු බවට චෝදනා කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (30) සියලු විශ්වවිද්‍යාලවල එක්දින වැඩවර්ජනයක නිරත වේ. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල දේශන ඇතුළු කටයුතු ක්‍රියාත්මක කෙරුණේ නැත. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයාම මෙන්ම ඔවුන් නිසි ලෙස බඳවා නොගැනීමේ පසුබිම තුළ මතුව ඇති ආචාර්යවරුන්ගේ හිඟය, වැටුප් ගැටලුව, විශ්වවිද්‍යාල පද්ධතියේ පහසුකම් වැඩිදියුණු නොවීම, පර්යේෂණ වෙනුවෙන් වන ප්‍රතිපාදන තවදුරටත් පහළ මට්ටමක පැවතීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසන්නේ තම ගැටලු පිළිබඳව අවස්ථා ගණනාවකදී රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළද මෙතෙක් කිසිදු සාධනීය විසඳුමක් ලැබී නොමැති බවය. එක්දින වැඩවර්ජනය හේතුවෙන්, කොළඹ, පේරාදෙණිය, රුහුණ, රජරට, යාපනය…
ජපන් – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළෙඳ සහ ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් සහ පෞද්ගලික අංශය ඊට දිරි ගන්වමින්, ශ්‍රී ලංකාවේ නැගී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කර තිබේ. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේ පැවති ජපන්- ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමිනි. විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී පැවති මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ 200 කට ආසන්න පිරිසක් එක්ව සිටී අතර ජපාන බාහිර වෙෙළඳ සංවිධානය (JETRO), ආර්ථික, වෙෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය (METI), සමඟ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජපන්-ශ්‍රී ලංකා ව්‍යාපාර…
A9 මාර්ගයේ මිහින්තලය පළුගස්වැව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. කතරගම සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පිටුපසින් පැමිණි ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් තුවාල ලැබූ බස් රථයේ ගමන් ගත් මඟින් තිදෙනෙක් මිහින්තලයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලීසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.
අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය. සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල්වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරවරයාට නියම කළේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක්…