Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
හෙට (03) දින සිට, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ.
මොනරාගල ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් සිදුකළ පහරදීමකින් ගුරුවරුයෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද (01) උදෑසන මෙම පහරදීම සිදුව ඇති අතර, තුවාල ලැබූ ගුරුවරුයා මේ වනවිට මොනරාගල මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ජංගම දුරකථනයක් පාසලට රැගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම හේතුවෙන් අදාළ සිසුවා ගුරුවරයාට පහරදී ඇතැයි වාර්තා වේ.
පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් එම නිවේදනය නිතුක් කර ඇත. 2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැති හෙයින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් පසුව ඉහත විභාගය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු…
නිට්ටඹුවේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් ලුහුබැඳ ගොස් පොලීසියෙන් වෙඩි තැබීමක් සිදුකර තිබේ. අද (01) අලුයම 1.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගම්පහ කොට්ඨාශ පොලිස් යතුරුපැදි ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් නිට්ටඹුව – කටුනායක මාර්ගයේ උදම්මිට හංදියේ මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිට තිබුණි. පසුව සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර තිබේ. අදාළ වෑන් රථය නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් සංඥා කිරීමේ දී වෑන් රථය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් යතුරුපැදි ඒකකයේ නිලධාරීන් වෑන් රථය පසුපස හඹා ගොස් නිට්ටඹුව නගරයේ ආලෝක සංඥා…
රුපියල් මිලියන 97කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන්දෙනා සහ බෑණාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් මස 15 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (01) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. මෙහිදී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන 12ක් මේ දක්වා පැමිණිල්ල විසින් තමන්ට ලබාදී නොමැති…
ජපානයේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 22 වන දින දිවයිනෙන් පිටව ගියේය. පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 27 වනදා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ. ඒ අනුව සංචාරය නිම කරමින් ඔවුන්…
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය කුමාර මහතා සහ එහි ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි එම සැකකරු පානදුර හිරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඉන් කිලෝග්‍රෑම් 2ක් නිවසක තිබී සොයාගෙන ඇති අතර අනෙක් කිලෝව සොයාගෙන ඇත්තේ සුඛෝපභෝගී මෝටර් රථයක ප්‍රවාහනය කරමින් සිටියදීයි. අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 15කට අධික බව පොලීසිය පැවසීය. සැකකරුවන් සතුව තිබී මේවන විට සේවයේ සිටින පොලිස් නිලධාරියෙකුගේ හැඳුනුම්පතක් ද සොයාගෙන තිබේ. මොවුන් මෙම මත්ද්‍රව්‍ය තරුපන්තියෝ හෝටල්වල ඇති රාත්‍රී සමාජ ශාලාවෙත අලෙවි කරන බවද පොලීසිය…
ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් උදෑසන භෝජන සංග්‍රහයක් ටෝකියෝහි ඉම්පීරියල් හෝටලයේදී ඊයේ (30) පැවැත්විණි. ජපාන- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගය විසින් මෙම උදෑසන භෝජන සංග්‍රහය සංවිධානය කරනු ලැබ තිබිණි. දෙරටේ පාර්ලිමේන්තුවල සාමාජිකයන් අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජපාන – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ලීගයේ සභාපති යොෂිතාකා ෂින්ඩෝ (Yoshitaka Shindo) සහ මහලේකම් යුකෝ ඔබුචි (Yuko Obuchi) යන මහත්ම මහත්මීහු මෙහිදී ප්‍රකාශ කළහ. දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද ඔවුහු වැඩිදුරටත්…
රජයේ රෝහල් මගින් සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ පෞද්ගලික අංශයට පැවරීමේ න්‍යාය පත්‍රයක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් නිලධාරීන් කටයුතු කරමින් සිටින බවට සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය චෝදනා කරයි. කොළඹදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි නියෝජිතයින් පැවසුවේ, කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ විශාල ප්‍රමාණයක් මේ වනවිට ඇනහිට ඇති බවය. ඒ් සම්බන්ධයෙන් අදහස් දැක්නූ සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ ප්‍රධාන ලේකම් වසන්ත ගුණවර්ධන මහතා, “2024 සැප්තැම්බර් දක්වා කළ ප්‍රතිකාරක ඇනවුම් නිලධාරීන් දැන් කරන්නේ නැහැ. ජාතික රෝහලේ පූර්ණ අක්මා පරීක්ෂණ යම් ප්‍රමාණයකට නැවතිලා. හෘද රෝගීන්ගේ ‘Troponin I’ පරීක්ෂාව නොකෙරන තැනට පත්වෙලා. ‘Troponin I’ ජාතික රෝහලේ රු.2000 – පිටත රු.7400ට කරවලා.”
හොරොව්පතාන කපුගොල්ලෑව මාර්ගයේ කටුවරගොල්ලෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර කපුගොල්ලෑව සිට හොරොව්පතාන දෙසට ධාවනය වූ ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වු බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරෙන් මියගොස් ඇත්තේ හොරොව්පොතාන, කටුවරගොල්ලෑව සහ නෙළුගොල්ලෑව ප්‍රදේශවල පදිංචිව සිටි 20 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. යතුරු පැදියේ අධික වේගය අනතුරට හේතුව බව වාර්තා වෙයි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හොරොව්පතාන පොලීසිය විසින් සිදුකරයි.