Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අල්ලස් ලබාගැනීම සම්බන්ධ පැමිණිලි 4,500 පනී – පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට
    Featured

    අල්ලස් ලබාගැනීම සම්බන්ධ පැමිණිලි 4,500 පනී – පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට

    By LFNOctober 5, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ගතවු කාලය තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි 4,500කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ජනවාරි මස 01 වන දින සිට 31 වන දින දක්වා කාලය තුළ සිය කොමිෂන් සභාව වෙත පැමිණිලි 4,626ක් ලැබී ඇති බවය.

    එම කාලය තුළ වැටලීම් 85ක් සිදුකර ඇති අතර එහිදි පුද්ගලයින් 58දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

    එම අත්අඩංගුවට ගත් පිරිස අතුරින් වැඩි දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර එම සංඛ්‍යාව 19කි.

    අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් සැරයන්වරුන් 08 දෙනෙකු, පොලිස් කොස්තාපල්වරුන් 05 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකු වන බව සඳහන්ය.

    මේ වසරේ ගතවු කාලය තුල අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර අධිකරණ අමාත්‍යංශය හා සම්බන්ධිත ආයතනවල පුද්ගලයින් 09 දෙනෙකු, ග්‍රාම නිලධාරීන් තිදෙනෙකු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු, ලංකා ගමනාගමන මණ්ඩලයේ නිළධාරීන් දෙදෙනෙකු ද වන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

    මේ වසරේ ගතවු කාලයතුළ වැටලීම් මගින් සිදුකළ අත්අඩංගුවට ගැනීම් හැර විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයින් 30දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එම අත්අඩංගුවට ගත් පිරිස අතර දේශපාලඥයින්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් වන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව සඳහන් කළේය.

    මේ වසරේ ජනවාරි මස 01 වන දින සිට අගොස්තු මස 31 වනදින දක්වා කාලය තුල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිශන් සභාව විසින් අධිකරණවල නඩු පැවරීම් 61ක් සිදුකර තිබේ.

    එහිදි අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් නඩු 36ක්, දූෂණ සම්බන්ධයෙන් නඩු 15ක් සහ අයුතු වත්කම් ඉපැයීම පිලිබදව නඩු 10ක් පුද්ගලයින් 75 දෙනෙකුට පවරා ඇති බව සඳහන්ය.

    මේ වසරේ ගතවු කාලය තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණවල පවරා තිබූ නඩු 44ක් අවසන් කර ඇති අතර ඉන් පුද්ගලයින් 29 දෙනෙකු වරදකරුවන් බවට පත් කර තිබේ.

    ඊට අමතරව තවත් නඩු 276ක් අධිකරණවල විභාග වෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 202600 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර…

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.