Author: LFN

ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි තිදරු පියෙකි. අදාළ පුද්ගලයා ඊයේ (02) උදෑසන 6.30ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙසේ වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත. සියඹලගස්වැව ජනතාව චෝදනා කරන්නේ අලි ඇතුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව මීට පෙරද මෙම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් ව ඇති බවය. එමෙන්ම මෙම වනඅලි හා ඇතුන් සියඹලාගස්වැව ආසන්නයේ ගම්මානවලට කඩා වදින බවත් එලෙස කඩා වදින අලි ඇතුන් 20කට ආසන්න සංඛ්‍යාවක් දිවා රාත්‍රි මෙහි සැරිසැරිම හේතුවෙන් ජන ජීවිතයේ කටයුතු අඩාල වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී. කෙසේ වෙතත් මෙම සිදුවීම දැනුම්දීමත් සමග ආණමඩුව…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන් වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ, එදින මධ්‍යම රාත්‍රී 12න් පසු මාර්ගගත ක්‍රමවේදය වසා තබන බවය. එමෙන්ම යළි කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්ය බවත් එම නිවේදනයේ දැක්වේ. එළැඹෙන සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම ඉකුත් සැප්තැම්බර් 18වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ දිනවල සිදුකෙරේ. මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 0112-784208/ 0112-784537/ 0112-785922 දුරකතන අංක…

Read More

පොලිස් නිලධාරියෙකු වාහනයකට යටකර මරා දැමීමට තැත් කළේ යැයි චෝදනා ලබා සිටි පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිරදඬුවමක් නියම කර ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන එම පුද්ගලයා මීට වසර 17කට පමණ ඉහතදී දෙහිවල නැදිමාල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වී සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියෙකු එලෙස වාහනයකට යටකර මරා දැමීමට තැත්කර ඇත. ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් එම පුද්ගලයාට ඊයේ (02) මෙම දඬුවම නියම කර තිබේ. නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාකරන පොලිස් නිලධාරීන්ට මෙවැනි හානිකර ක්‍රියා සිදුකරන පුද්ගලයින් නීතිය ආධිපත්‍යයට බරපතළ තර්ජනයක්…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබේ. ‘මලී පින්ක්’ සහ ‘ලංකා රෙඩ්’ ලෙසින් නම්කර තිබෙන මෙම දෙළුම් විශේෂ අම්බලන්තොට රුහුණු පැල තවාන යටතේ අත්හදා බැලූවකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා (පර්යේෂණ) එල්. ජී. අයි. සමන්මලී මහත්මිය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රතිපාදනයන්ට අනුගතව සිදුකළ පර්යේෂණයකට අදාළව මෙය සිදුකර ඇත. මෙම දෙළුම් විශේෂ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කළ හැකිබව අනාවරණය කරගැනීමට හැකිව ඇත. මෙම නව දෙළුම් විශේෂ දෙක මෙරට තුළ වගාකිරීම මගින් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන දෙළුම් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.…

Read More

2021 වසරේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගැනීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (02) ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම විභාගය සඳහා ලබන වසරේ මාර්තු මස 25 වනදා කැඳවන බවය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන අනීතික ලෙස රඳවා…

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතාව එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් සහ එයින් ජනතාව වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් අද උදෑසන මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාමකාමී විරෝධතාවක් පවත්වා ඇති බවට වාර්තාවේ. එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාල ඉල්ලීම් ඇතුලත් ලිපියක්ද මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදී ඇත. සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉල්ලා විරෝධතාවයන් පැවැත්වෙන අවස්ථාවකදී මෙසේ තවත් ප්‍රදේශවාසීන් කොටසක් පැමිණ මෙම ව්‍යාපෘති සිදුකරන මෙන් අදාල බලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා ඇත. මෙම අවස්ථාවේදී දෙපාර්ශවය අතර සුළු ගැටුමක්ද ඇතිවී ඇත එහිදි පොලීසිය විසින් එය සමථයකට පත්කර ඇති අතර, මෙම ව්‍යාපෘති සිදු කරන ලෙස ඉල්ලා මන්නාරම…

Read More

සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර සමාජගත කළ යුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවරාත්‍රී උත්සව සැමරුමට සහභාගි වෙමින් ප්‍රකාශ කළා ය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ, “ලස්සන අගය කරන, ගීතිකා පූජා පවත්වා ආදරය සතුට පතුරවන අද වැනි දවසක බෙදාහදාගැනීම, එකමුතුකම වැනි යහ ආකල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.” අමාත්‍යාංශයේ දමිළ පාසල් කටයුතු අංශය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා, අමාත්‍යාංශ…

Read More

අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායකයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම පිළිගත්…

Read More