Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
හිඟුරක්ගොඩ, වරාහේන ප්‍රදේශයේ ගොවි මහතෙකු විසින් තම කුඹුරේ පිදුරුවලට තබන ලද ගින්නක් පැතිර ගොස් එම ගින්නට හසුවීමෙන් කුඹුරු තුළ ඊයේ (3) දහවල් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙලෙස ගින්නට හසුව ඇත්තේ හිඟුරක්ගොඩ, බෝගස් හංදිය ප්‍රදේශයේ පදිංචි තෙදරු පුද්ගලයෙක්ය. ගොවි මහතා ඊළඟ කන්නයට සිය කුඹුරු බිම සූදානම් කිරීම සඳහා තම කුඹුරේ අස්වැන්න නෙලීමෙන් පසු කුඹුර තුළ ඉතිරිව තිබූ පිදුරුවලට හා ඉපනැල්ලට ගිනිතබා තිබේ. එහිදී මේ දිනවල පවත්නා අධික උණුසුම් කාලගුණික තත්ත්වය හා සුළග හේතුවෙන් ගින්න පැතිර ගොස් ඔහු ඊට හසුව තිබේ. මෙම පුද්ගලයා ගින්නට හසුව සිටින අයුරු ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබදව අනෙකුත් අය දැනුම්වත් කළද ඒ වනවිටත් ඔහු ගින්නට හසුව දරුණු ලෙස…
දෙහිවල, දුම්රියපොළ අසලදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමට සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය ජුලි 18 වනදා දෙහිවල දුම්රියපොළ අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකෙරුණි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කල විමර්ශනයකින් අනතුරුව අදාළ වෙඩිතැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු වශයෙන් කටයුතු කළ සැකකරු අතුඅඩංගුවට ගෙන තිබේ. එහිදි සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක්, කඩු 05ක් සහ කිනිස්සක් සොයාගෙන ඇති අතර, ඔහු 34 හැවිරිදි ගල්කිස්ස සීවලි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත්කරමින් සඳහන්කර ඇත්තේ සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවය. අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (3) සිය Truth අවකාශයේ සටහනක් තබමින් හමාස් සංවිධානය අනතුරු අඟවා සිටියේ, එළඹෙන ඉරිදා (හෙට) ග්‍රිනිජ් වේලාවෙන් 22පැයට, එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6 වනවිට තම සාම සැලැස්මට…
මෙරට දිනකදී පිළිකා රෝගීන් 100ක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මේ අනුව වසරකට පිළිකා රෝගීන් 35,000ක් පමණ වාර්තා වන බවත් එයින් 35%ක් එනම් 13,000කට ආසන්න ප්‍රමාණයක් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ආරම්භ කරන බවත්ය. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සිව්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල ප්‍රදේශයේදී පසුගිය (02) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසරක ඖෂධ වියදමින් 30%ක් වැය වන්නේද පිළිකා රෝග සඳහා ප්‍රතිකාර සිදුකරන ඖෂධ සඳහා බවත් මෙයට විසඳුම් කුමක්ද යන්න සෙවීමේදී මෙය පාලනය කරගත හැකි අවස්ථාව මුල්…
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් වීරසිංහගේ සනත් නැමැත්තා රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් ඊයේ (03) අවසර ලබා දී තිබේ. ඒ අනුව තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් මහතා විසින් සැකකරු එළැඹෙන 09 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දී ඇත. බෙලිඅත්තේ සනා නැමැති මෙම අපරාධකරු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 01 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.
කෙහෙල්බද්දර පද්මෙට අයත් යැයි කියන තවත් ගිනිඅවියක් ඌරගස් මංහන්දිය ප්‍රදේශයෙන් ඊයේ (03) සොයා ගෙන තිබේ. ඌරගස්මංහන්දිය පොලිස් වසමේ අතුරු මාර්ගයක සඟවා තිබියදී මෙම ගිනිඅවිය සොයා ගත් බව පොලීසිය පැවසුවේය. ඒ අනුව එහි සඟවා තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් හා පතරොම් ගැබක් පොලීසිය සිය භාරයට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. මේ අතර කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමිනි. ඒ අනුව ඇය විසින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ. පෙත්සමේදී ඇය…
පිටකන්ද වතුයායේ පැරණි තේ කර්මාන්ත ශාලාව අසල කාණුවක් තුළ දමාගොස් සිටියදී අලුත උපන් බිළිදෙකු සොයා ගෙන තිබේ. කන්දේනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම බිළිදා සොයා ගෙන ඇත. අදාළ බිළිදා මාතලේ මහ රෝහල වෙත භාර දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම දරුවාගේ භාරකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, කන්දේනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අතර ඉපළෝගම ප්‍රදේශයේ විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවකට අයත් නිවසක ඉදිරිපස පුටුවක් මත බෑගයක දමා තිබියදී මසක් වයසැති බිළිඳියක් හමු වී තිබේ. එම බිලිඳිය නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය නිරෝගී තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.
උතුරුමැද පළාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා සිය බිරිඳගේ නමට ඉදිකළ හෝටලය කඩා ඉවත් කරගෙන තිබේ. එම හෝටලය අනුරාධපුර පේරියම් කුලම වැව් රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබූ අතර ඒ අනුව එම හෝටලය මධ්‍යම නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම් විසින් කඩා ඉවත් කරන ලෙස නියෝග කර තිබුණි. ඒ අනුව හිටපු ආණ්ඩුකාරවරයාගේම පිරිසක් පැමිණ එම හෝටලය කඩා ඉවත් කර ඇති බවද වාර්තා විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිතවල මායිම් සළකුණු කිරීම සඳහා මෑතකදි රජය විසින් දියත් කළ වැඩසටහනකදී මෙම ඉදි කිරීම සම්බන්ධයෙන් අනාවරණ වූ අතර ඒ අනුව එම ගොඩනැගිල්ල මසක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස දැනුම් දී තිබුණි.
අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. එබැවින් ඇති වියහැකි තද වැසි, තද සුළං සහ ප්‍රබල අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම්දෙයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.
එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට වෙන්කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් ලක්ෂ 36 (රු. 36,68000)කට වැඩි ආදායමක් උපයාගැනීමට හැකිව තිබේ. අදාළ ටෙන්ඩර් කැඳවීම පිළිබඳ අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ඊයේ (03) මේ බව පැවසීය. දීපාවලී උත්සව සමයේ දී හැටන් නගරය තුළ පදික වේදිකාවේ වෙළදාම් කිරිමට අවසර නොමැති අතර, ඒ සඳහා හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසළ භූමිය ව්‍යාපාර කටයුතු කිරිම සඳහා වෙන්කර ඇත. එම ඉඩම් කැබලි සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් වාර්ථාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳවා තිබේ. එසේ කැදවූ ටෙන්ඩර් පත් ඊයේ නගර සභාවේ…