Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුනිකෝන් ඇතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව
    Featured

    යුනිකෝන් ඇතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව

    By LFNOctober 8, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව ‍චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් එන් ඩී කරුණාරත්න මහත්මිය විසින් මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ බී සී කුලරත්න මහතාට මෙම නියෝගය සිදුකළ බවට වාර්තාවේ.

    යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

    මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මගින් පොළොන්නරුව දියබෙදුම ඉහනලුවැව පදිංචිකරුවන් තිදෙනෙකු සහ මාතලේ යටිවිමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදාහැර ඇති බව සඳහන්ය.

    යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ මින්නේරිය ජාතික වන උයනේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතා ඩොලර් මැෂිම නමින් හැදින්වීමට ප්‍රධාන හේතුව යුනිකෝන් දළ ඇතා දැක බලා ගැනීමට විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මින්නේරිය ජාතික වන උයනට පැමිණීම හේතුවෙන් බවය.

    වෙඩිතබා මරා දැමුනු මෙම යුනිකෝන් ඇතාගේ වයස අවුරුදු 40ක් වන අතර උස අඩි 10 යි අගල් 6 ක් බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.