Author: LFN

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 8වනදා පෙරවරුවේ මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය. එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිණුම් කටයුතු සිදුකරමින් සිටියදී මෙම දරුවා දියේ ගිලී ඇත. ඒ හේතුවෙන් එම දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (9) සිදුකළ අතර, එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත…

Read More

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත. සිදුකළ පර්යේෂණ හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා පැවසීය. “මෙම මනෝ වෛද්‍ය පරීක්ෂණයෙන් හොයා ගත්තේ, අධ්‍යාපන පිළිබඳ තිබෙන දැඩි පීඩනය, නිවසේ දෙමව්පියන් සමග තිබෙන ගැටලු, සමාජ මාධ්‍ය භාවිතය සහ දරුවන්ට ඇතිවෙන ශාරීරික පීඩා මෙම මානසික පීඩනයට හේතුවූ බවයි.” “ලංකාවේ ජනගහනයෙන් 19%ක් වැනි ප්‍රතිශතයකට විශාදයේ ලක්ෂණ තිබෙන බව මින් පෙනෙනවා.” අදට (10) යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන්…

Read More

2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි මස 20 වන දා (අඟහරුවාදා දින) සිදු කිරීමට තීරණය කර ඇති බවත්, එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරා ගත් සිසු දරුවන් පාසලට ඇතුළත් කිරීම සිදුකළ යුතු බවත්ය. ඒ අනුව, 2026.01.20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහන පහත අංග…

Read More

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට ප්‍රකාශ කළ බවට සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, අදාළ පුවත තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එය සත්‍යයෙන් තොර පුවතක් බවට අවධාරණය කරන බවය. එම පුවත සම්බන්ධව කරුණු දක්වමින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා සඳහන් කරන්නේ, 2025.10.08 වන දින පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව විසින් කරන ලද කැඳවීමකට අනුව එම කාරක සභාව හමුවේ පෙනී සිට මතු වූ…

Read More

යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ වූ, විදේශ රැකියා අංශයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ලේදී හා කඩවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බව සඳහන්වේ. කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් ලෙස කටයුතු කරමින් මීගමුව ප්‍රදේශයේ වසර එක හමාරක කාලයක් පමණ පවත්වාගෙන ගිය FC International ආයතනය මගින් හංගේරියාව, නෙදර්ලන්තය හා ෆින්ලන්තය වැනි රටවල සාත්තු සේවා…

Read More

සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ දිස්ත්‍රික්ක තුනකදී සෙනසුරාදා (11) සහ ඉරිදා(12) පැවැත්වේ. රත්නපුර දිස්ත්‍රික්කයට අදාළ සම්මුඛ පරීක්ෂණ රත්නපුර හෙද විදුහලේ දී 11 වැනිදා ද ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක වලට අදාළ සම්මුඛ පරීක්ෂණ 1 සහ 12 දිනවල මඩකලපුව හෙද විදුහලේ දී සහ අම්පාර දිස්ත්‍රිකයට අදාල සම්මුඛ පරීක්ෂණ අම්පාර හෙද විදුහලේ දී ද පැවැත්වේ. මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණිය යුතු වන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් පෙර දැනුම් දීම් සිදු කළ පුද්ගලයින් පමණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.

Read More

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇත. IMF විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 34‍7ක පමණ මූල්‍යකරණයක් හිමිවීමට නියමිතය.

Read More

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබේ. අද (09) උදෑසන ඒ මහතා එම කොමිසම හමුවට ගොස් ඇත්තේ, කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව බව වාර්තා වේ.

Read More

මෙරට ජනගහණයෙන් සියයට 10ක් විවිධ මානසික රෝග වලින් පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ජනගහණයෙන් සියයට දෙකක ප්‍රමාණයකට බරපතළ මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය. ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ඊයේ (08) පැවති ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මෙම තත්ත්වය සියදිවි හානිකර ගැනීම සඳහා ද වැඩි වශයෙන් බලපා ඇති බවය.

Read More

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් ඊයේ (8) පස්වරුවේ කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ දී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව හෙරෙයින් කිලෝ 9ක්, අයිස් කිලෝ 2 හා හෑෂ් 1ක් තිබී සොයාගෙන තිබේ. නුවරඑළිය අපරාධ විමර්ශන කොට්ඨසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔවුන් විසින් සැකකරුවන්ව කඩවත පොලීසිට භාරදී ඇත. අත්අඩංගුවට ගත් කාන්තාවට වයස අවුරුදු 32ක් බවත්, පිරිමි පුද්ගලයාට වයස අවුදුරු 26ක් වන බවත් පොලීසිය පැවසීය. ඔවුන් අද (9) දිනයේ දී මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Read More