Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2026 දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන්ගේ පන්ති ආරම්භය ගැන නිවේදනයක්
    Featured

    2026 දී පළමු ශ්‍රේණියට ඇතුළත්වන සිසුන්ගේ පන්ති ආරම්භය ගැන නිවේදනයක්

    By LFNOctober 9, 2025No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන් වන්නේ රජයේ පාසල්වල හා රජයේ ආධාර ලබන /නොලබන පෞද්ගලික පාසල්වල 2026 වර්ෂයේ දී පළමුවන ශ්‍රේණියේ සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම සිංහල, දෙමළ හා මුස්ලිම් පාසල් සඳහා 2026 ජනවාරි මස 20 වන දා (අඟහරුවාදා දින) සිදු කිරීමට තීරණය කර ඇති බවත්, එදිනට පෙර පළමුවන ශ්‍රේණියට තෝරා ගත් සිසු දරුවන් පාසලට ඇතුළත් කිරීම සිදුකළ යුතු බවත්ය.

    ඒ අනුව,

    2026.01.20 දින පළමුවන ශ්‍රේණියේ සිසුන්ට විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීමට අදාළ පිළිගැනීමේ වැඩසටහන පහත අංග ඇතුළත් ව සිදු කිරීම යෝග්‍ය බව දැනුම් දී ඇත.

    * 2026 වර්ෂයේ දෙවන ශ්‍රේණියේ සිසුන් විසින් නවක සිසුන් පිළිගැනීම.
    * දෙමාපියන් හා ආරාධිත අමුත්තන් පිළිගැනීම, ජාතික හා පාසල් ධජ එසවීම, ජාතික ගීය හා පාසල් ගීය ගායනය.
    * ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, පළමුවන ශ්‍රේණියේ නව විෂයමාලාව ක්‍රියාත්මක කිරීමේ පරමාර්ථ හා අරමුණු පිළිබඳ ව පළමුවන ශ්‍රේණියට පිවිසෙන සිසුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම.
    * නවක සිසුන් පිළිගැනීම ප්‍රාථමික අංශයේ සිසුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාසාංගික ලෙස සිදු කිරීම.

    එමෙන්ම, නවක සිසුන්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන අයුරින් මෙම වැඩසටහන පැවැත්විය යුතු අතර සිසුන්ට හා දෙමාපියන්ට කිසිදු අපහසුතාවක් නොවන පරිදි වැඩසටහන සංවිධානය කිරීමට අවධානය යොමු කළ යුතු වේ.

    මෙම වැඩසටහන සාර්ථක ව පැවැත්වීමට පාසලේ සියලු ම අංශ සහ පාසල් සංවර්ධන සමිතිය හා ආදී ශිෂ්‍ය සංගමය ඇතුළු සියලු පාර්ශවවල සහයෝගය හා සහභාගිත්වය ලබා ගැනීම සුදුසු බව සඳහන් වේ.

    එසේ ම පළමුවන ශ්‍රේණියට ඇතුළත්වන සිසුන් සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කර ඇති දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහන (ප්‍රාථමික පාසලට ප්‍රීතිමත් ආරම්භයක්) 2026 ජනවාරි මස 02 වනදා සිට 2026 ජනවාරි 16 දින දක්වා (රජයේ නිවාඩු දින හැර) ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබා දී ඇති මාර්ගෝපදේශවලට අනුකූල ව ක්‍රියාත්මක කළ යුතු ය.

    දරුවන් හඳුනා ගැනීමේ වැඩසටහනට පසු ව පාසලට ඇතුළත් කර ගනු ලබන සිසුන් වෙනුවෙන් ද ඉහත සඳහන් අදාළ ක්‍රියාකාරකම් නම්‍යශිලී ලෙස සිදුකිරීමට පළමුවන ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ට උපදෙස් ලබා දිය යුතුය.

    ඒ අනුව සකස් කරන ලද උපදෙස් සහිත ලිපිය සියලු ම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු ම පාසල් ප්‍රධානීන් (ප්‍රාථමික පන්ති පැවැත්වෙන රජයේ පාසල් හා රජයේ ආධාර ලබන/නොලබන පෞද්ගලික පාසල්) වෙත යොමුකර ඇති බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.