Author: LFN
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 05 ක් වූ තලපත්පිටිය, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි දරුවෙකි. මෙම ළමයා පෙර පාසලේ ගුරුවරුන් සහ තවත් ළමුන් කණ්ඩායමක් සමඟ පුහුණුකරුවෙකු යටතේ පුහුණුවීම් කරන අතරතුරදී දියේ ගිලී ඇති අතර පසුව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. මිරිහාන පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.
මස්කෙළිය වැවිලි සමාගම යටතේ පාලනය වන නල්ලතන්නිය ලක්ෂපාන වතුයායේ තේ කර්මන්තශලාවේ තේ කුඩු නිෂ්පාදන අංශයේ ඊයේ (09) අලුයම 1ට පමණ ගින්නක් හට ගෙන තිබේ. තේ කුඩු නිෂ්පාදන අංශයේ හටගත් ගින්න තේ කොළ ගබඩා කර තිබූ ගබඩා කාමරය තෙක් පැතිරී යෑම හේතුවෙන් ඇසුරුම් කරන ලද නිමි තේ කුඩුද විශාල වශයෙන් විනාශ වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. පැතිර යමින් තිබු ගින්න එම වතුයායේ වතු කම්කරුවන් එක්ව සෙසු අංශ වෙත පැතිරීම පාලනය කර ඇත. කෙසේවෙතත් වතු කම්කරුවන් චෝදනා කර සිටියේ, වතු පාලනාධිකාරිය විසින් සැලසුම් කර මෙම ගින්න ඇති කර ඇති බවය. ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නෙමැති අතර, ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක්…
තලෙයිමන්නාරම සහ ඩෙල්ෆ්ට් දූපත් අසල මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය බෝට්ටු පහක් සහ ධීවරයින් 47 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 2023 වසරේ දී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 1,200 දෙනෙකු ඝාතනය කර තවත් 251 දෙනෙකු සිය ප්‍රාන ඇපයට ගනු ලැබීය. මේ හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලියින් 67,183 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර ඉදිරි දිනවල දී අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇති බව…
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද අද (09) දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ…
2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025 වර්ෂය වෙනුවෙන් පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස රුපියල් මිලියන 33,500 ක් වෙන් කරනු ලැබ ඇති අතර, 2025/26 මහ කන්නයේ වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති වී සහ වෙනත් ක්ෂේත්‍ර භෝග සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස තවත් රුපියල් බිලියන 05 ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මත පදනම්ව පොහොර සඳහා මූල්‍ය සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 05 ක අතිරේක ප්‍රතිපාදන සලසා…
2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය. “බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක්. බස් එකෙන් එන කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පුද්ගලික බස්හිමියන්ගේ සංගම්වලින් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් හදලා දෙන්න කියලා. ගොඩාක් අය වටේ ගිහිල්ලා තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්.…
2020 වසරේ කිසිදු සාධාරණ සැකයක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම් ප්‍රේමතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සන් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ.
ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි. මේ අතර අද (08) දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව ඊයේ දිනයේ රු 290,500ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රු 296,000 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, ඊයේ (07) දිනයේ 314,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද රු 320,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෝකයේ වඩාත් ප්‍රකට ක්‍රිප්ටෝ විනිමය වන බිට්කොයින් 1ක අගය ප්‍රථම වතාවට ඩොලර් 125,000 ඉක්මවුයේ පසුගිය සතියේය. රන්මිල මේවන…