Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කරමින් සිය පුතු සමගින් එක්ව එම නිවාස මංකොල්ලකෑමේ ජාවාරමක නිතරව සිටි මව්-පුතු දෙපළක් බෙම්මුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ කාන්තාව කලක සිට තම පුතු මෙහෙයවන කොල්ල කණ්ඩායමක් යොදවා නිවාස මංකොල්ලකෑමේ ජාවාරමේ නිරත වී තිබේ. අවසන්වරට ඔවුන් බෙම්මුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ කොල්ලයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරව හසුකරගැනීමට පොලීසියට හැකිව ඇත. මෙම කාන්තාව මීගමුවේ පිහිටි නිවාසවලට සේවිකාවන් සපයන ආයතනයක සේවය කර ඇති අතර, ඒ හරහා බෙම්මුල්ලේ නිවසේ ගෘහ සේවයට පැමිණ තිබේ. පසුව සිය පුතු මෙහෙයවනු කොල්ලකල්ලිය හා එක්ව රාත්‍රී කාරයේදී නිවැසියන් බැඳදමා රුපියල් ලක්ෂ 15කට අධික ස්වර්ණාභරණ පැහැරගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගත් මව්-පුතු දෙපළ…
ළමුන්ට ශාරීරිකව දඬුවම් කිරීම සම්බන්ධව (19 වන අධිකාරය වු) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. අධිකරණ අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වුවා මිස එය පාර්ලිමේන්තුව මඟින් නීතියක් ලෙස සම්මත කර නොමැති බවය. ඉහත සඳහන් කළ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පසුගිය සැප්තැම්බර් 24 වනදා පැවැත් වුණි. එය විවාදයක් පමණක් මිස නීතියක් ලෙස සම්මත කර ගැනීමකින් තොරව කල්තැබූ බවත් අදාළ පනත් කෙටුම්පත සම්මත කරනු නොලැබුවේ එම සංශෝධනය බලාත්මක වීමට නම් ඊට සමානව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේද සංශෝධනයක් සිදුවිය…
ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති ශෝචනීය පුවතක් කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයෙන් වාර්තා වේ. ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි. මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදීමට නියමිතය. මේ සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2024 LPL ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදාහැර සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (3) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. මෙලෙස අධි චෝදනා ගොනුකිරීමට නියමිතව ඇත්තේ බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තමිම් රහ්මාන් නම් නැමැත්තාටය. මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ අද (3) කැඳවනු ලැබූ අතර, ඒ සඳහා තමිම් රහ්මාන් නැමැත්තාද අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකයේ නිලධාරීන් සැකකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මහාධිකරණය හමුව අධි චෝදනා ගොනු…
තණමල්විල – වැල්ලවාය මාර්ගයේ කිතුල්කොටේ ප්‍රදේශයේ අද (03) අලුයම සිදුවු මාරක අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට නින්දයෑම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබු වෑන් රථයේ රියදුරු ඇතුළු හයදෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක රාජකාරී කටයුත්තකට ගොස් යළි බුත්තල බලා යමින් සිටි පිරිසකි. වෑන් රථයේ රියදුරු 18 හැවිරිදි අයෙකු වන අතර, මියගොස් ඇත්තේ 56 හැවිරිදි දඹුල්ලේ පදිංචිකරුවෙකි. තුවාලකරුවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවු තිදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර…
රේගු බදු නොගෙවා කටුනායක ගුවන්තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකතන, සුවඳ විලවුන් ඇතුළු උපාංග තොගයක් සමග පුද්ගලයන් සිව් දෙනෙකු මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බව පොලීසිය පැවසීය. සැකකරුවන් සතුව ස්මාට් වර්ගයේ ජංගම දුරකතන 26ක්, අයිපෑඩ් 10ක්, ටැබ් 10ක්, ලැප්ටොප් පරිගණක 3ක්, විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක් තිබී සොයාගෙන ඇත. මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.බී.එස්. කල්‍යාණතුංග මහතාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුළ මෙම භාණ්ඩ තොගය තිබී සොයාගෙන තිබේ. පසුගිය 30වනදා ඩුබායි වෙත ගොස්…
නීතිවිරෝධී ලෙස රත්‍රං තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කල්පිටිය අරච්චල් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සහ රත්‍රං තොගය අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. සැකකරුවන් සන්තකයේ තිබී රත්‍රං කිලෝ 4යි ග්‍රෑමි 454ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. අදාළ රත්‍රං ප්‍රවාහනයට යොදාගත් කුඩා බොට්ටුවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය. ඉතා සූක්ෂම ආකාරයෙන් මාලු දැල්වලට යෙදන ඊයම් ලෙස මෙම රත්‍රං තොගය රැගෙන යාමට සුදානම්කර තිබූ බව නාවික හමුදාව පැවසුවේය. සැකකරුවන් කල්පිටිය, වෙන්දේසි වත්ත සහ ආනවාසල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (2) නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. රුපියල් මිලියන 28කට අධික වටිනාකමකින් යුත් වත්කම් සහ දේපොළ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත මොහු අත්අඩංගුවට පත්විය. විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව එම නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගනු…
උණුසුම් කාලගුණය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. පොළොන්නරුව, මඩකළපුව අම්පාර, මොණරාගල හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බව එහි සඳහන් වේ. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් උණුසුම් කාලගුණය පවතින අවස්ථාවල කටයුතු කරන ලෙස දන්වා ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
තංගල්ල ප්‍රදේශයේ තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් හතක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා පොලීසියට ලද තොරතුරක් අනුව තංගල්ල සීනීමෝදර ප්‍රදේශයේ තිබී මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගනු ලැබීය. එහිදී සිදු කළ විමර්ශනවලට අදාළව නිවස පිහිටි ඉඩමේ තිබී ලොරි රථ දෙකක් සොයා ගත් අතර එහි තිබී අයිස් සහ හෙරොයින් සොයා ගැනීමට ද පොලීසියට හැකි විය. ඒ අනුව මෙම විමර්ශනවලට අදාළව සැප්තැම්බර් 22 වැනිදා සිට පසුගිය (01) දිනය දක්වා සමස්තයක් වශයෙන් සැකකරුවන් 5 දෙනෙක් සහ බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16ක් වන බාලවයස්කරු මේ වන විට පරිවාස…