Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම අපරාධකරු ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. විදෙස් රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ලොරි රථ තුනක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබීය. ‘උනාකුරුවේ ශාන්ත’ නමැති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරට ජාවාරම් කටයුතුවල නිරත වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක…
පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය සඳහන් කළේ බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය. “කලින් වසර වලට සාපේක්ෂව පරිවාසගත වන ළමුන් ගණන අඩුවීමක් දකින්ට පුළුවන්. දැනට පරිවාස ගත වෙලා ළමයි නවදාස් ගණනක් තමයි අපිට ඉන්නේ. ” පරිවාස මධ්‍යස්ථාන සහ ලිංගික අතරව සිදුවිම් ගැන වාර්තා වෙනවා ද? “ජාතික දෙපාර්තමේන්තුව වශයෙන් අපිට පැමිණිල්ලක් ආවොත් ඊට අදාලව විමර්ශන කිරීමේ හැකියාවක් අපිට තියෙනවා.” වැඩි වශයෙන්…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් “පියුමා ” නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය. මෙම නඩුව ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර සූම් තාක්ෂණය ඔස්සේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු බන්ධනාගාරගත කර තිබෙන අතර ඔහුට එරෙහි විමර්ශන සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය. ‘කුඩු සලිඳු’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ…
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් සහ සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත.
ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් තනි පුද්ගල ආයෝජන කටයුතු සඳහා එක්වන විදේශිකයන්ට වාස වීසා (Residence Visa) ලබාදීමේ ක්‍රමය යටතේ ලියාපදිංචි වූ පළමු විදේශිකයා බවට ජර්මානු ජාතික ආචාර්ය පායි ඩ්‍රෙශල් මහතා පත්ව ඇත. ඒ අනුව ඊට අදාළ වාස වීසා අවසරය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඊයේ (1) ඩ්‍රෙශල් මහතාට වෙත ප්‍රදානය කළේය. අංක 2360/24 හා 2023.11.27 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති සංශෝධිත ආගාමික හා විගාමික නියෝග යටතේ අනුමත තනි පුද්ගල ආයෝජක කාණ්ඩයට අදාලව මෙය ලබා දී ඇත. මෙම වාස වීසා විශේෂ කාර්යයන් සඳහා පදිංචිවීමේ පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලාංකික නොවන අයෙකුට ලබාදෙන අවසර පත්‍රයක්ය. තනි පුද්ගල…
ශ්‍රී ලංකාව තුළ RMIT නවෝත්පාදන මධ්‍යස්ථානයක් (Innovation Hub) පිහිටුවීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සහ පහසුකම් සැලසීමේ අරමුණෙන් ඕස්ට්‍රේලියානු Royal Melbourne Institute of Technology (RMIT) විශ්වවිද්‍යාලය සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (30) පවත්වා තිබුණි. පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) සම්බන්ධීකරණය මත මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි. RMIT ශ්‍රී ලංකා නවෝත්පාදන මධ්‍යස්ථානය පිහිටු වීම මගින් දැනට පවතින ඒකාබද්ධ ආචාර්ය උපාධි වැඩසටහන් (Joint PhD) වැඩි ඵලදායීතාවකින් ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත. එමඟින් ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝග හඳුනා ගැනීම, ඒවාට පර්යේෂණ සහ සංවර්ධන (R&D) විසඳුම් ලබා දීම, පර්යේෂණ ප්‍රතිපත්ති සහ ජාතික අවශ්‍යතා සමඟ මෙම වැඩසටහන්…
මෙරට යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ එක් පියවරක් ලෙස ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන තිබේ. එම කමිටුවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) පැවති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේය. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව මුලික සැලසුම් සකස් කිරීම පිළිබඳව මෙහිදි සාකච්ඡා වී තිබේ. එහි මුලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබාගැනීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම සාකච්ඡාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ…
ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවල දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව, නේපාලය සහ භූතානය රටවල් සමග සිදුකරන වෙළෙඳ ගනුදෙනුවලදී මෙලෙස ඉන්දීය රුපියල් භාවිත කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඊට අමතරව අදාළ රටවල් සඳහා ලබාදෙන ණය මුදල් ද ඉන්දියානු රුපියල් මඟින් ලබාදීමට තීරණය කර ඇති බව සඳහන්ය. කලාපයීය වෙළෙඳාමේදී අමෙරිකානු ඩොලරය මත යැපීම අවම කිරීමේ අරමුණන් මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මහ බැංකුව ප්‍රකාශ කර ඇත. සිය ප්‍රමුඛ වෙළෙඳ හවුල්කරුවන් සඳහා නිල විනිමය අනුපාතයක් හඳුන්වාදීමට ද ඉන්දීය මහ බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ.
චිම්පන්සි සත්ත්වයන් පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනයන් සිදුකිරීම සම්බන්ධයෙන් ලොව ප්‍රකට විශේෂඥවරියක වන ජේන් ගෝඩෙල් අභාවප්‍රාප්ත වී තිබේ. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සංචාරයක නිරතව සිටියදී ඇය අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට ඇය 91 හැවිරිදි වියේ පසු වුණි. චිම්පන්සීන් සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාව සම්බන්ධයෙන් ඇය විසින් සිදුකළ පරීක්ෂණවලින් කරුණු රැසක් අනාවරණය වී ඇති බවත් එමඟින් පෙර පැවති මතවාදයන් වෙනස් කිරීමට ද හැකියාව ලැබී තිබේ.
ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ. සැකකරු හෙට (03) දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඔහු ඊයේ (02) අලුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාරදී…