Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතුයි – ට්‍රම්ප්
    International

    ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතුයි – ට්‍රම්ප්

    By LFNOctober 6, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වක්‍ර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිත බැවින් ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

    සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා පාලනය පලස්තීන තාක්ෂණික කණ්ඩායම් වෙත භාර දීම ඇතුළු කරුණු 20කින් යුත් එක්සත් ජනපද සාම සැලැස්මේ ඇතැම් කොටස් සඳහා හමාස් සංවිධානය එකඟ වීමෙන් අනතුරුව මෙම සාකච්ඡා ආරම්භ වීමට නියමිතව ඇත.

    සාකච්ඡා ඉතා සාර්ථක බවත් පළමු අදියර මෙම සතියේම අවසන් කළ යුතු බවත් ඒ අනුව සියලු දෙනා ඉක්මනින් ඉදිරියට යන ලෙස තමන් ඉල්ලා සිටින බවත් සඳහන් කර ඇති අමෙරිකානු ජනාධිපතිවරයා කණ්ඩායම් අද දිනයේදී ඊජිප්තුවේදී නැවත රැස්වී අවසාන තොරතුරු පැහැදිලි කර ගැනීමටද නියමිත බවය.

    තවද වසර ගණනාවක් පැරණි මෙම ගැටුම තමන් දිගින් දිගටම නිරීක්ෂණය කළ බවත් කාලය ඉතා වැදගත් වන බැවින් නැතහොත් දැවැන්ත ලේ වැගිරීම් සිදුවනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ සඳහන් ව තිබේ.

    මේ අතර හමාස් කණ්ඩායම් ප්‍රධානී කලීන් අල් – හයියාගේ නායකත්වයෙන් යුත් හමාස් සංවිධානයේ පිරිසක් ගැටුම් නැවැත්වීම සඳහා වූ සාකච්ඡා සඳහා ඊයේ (06) දිනයේදී ඊජිප්තුවට පැමිණ ඇති බවය.

    පසුගිය මාසයේ කටාර් අගනුවර වන දෝහා හී ඊශ්‍රායල ප්‍රහාරයකින් දිවි ගලවාගැනීමෙන් පසු ඔහු ඊජිප්තුවට කළ පළමු සංචාරයද මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

    මේ අතර එක්සත් ජනපද සාම සැලැස්මේ සඳහන් ව ඇති ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යටතේ පළමු අදියරේදී පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිදුවනු ඇති බවත් විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026

    ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.