Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බැකෝ සමන්ගේ මස්සිනාට දින 07ක රැඳවුම් නියෝග
    Featured

    බැකෝ සමන්ගේ මස්සිනාට දින 07ක රැඳවුම් නියෝග

    By LFNOctober 5, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් හෙළි වු තොරතුරු මත අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා දින 07ක් රඳවා තබා ගෙන විමර්ශනය කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

    අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු දින 07ක රැදවුම් නියෝග මත රඳවා තබා ගැනීමට බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    විදෙස් ගතව සිටියදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුන්ගොඩ නිර්මල ප්‍රසන්න නොහොත් ‘බැකෝ සමන්’ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවු තොරතුරු මත ඔහුගේ මස්සිනා පසුගිය පළමු වැනිදා පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    එහිදි සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය සහ මෝටර් රථයක් ද පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨසය වෙත භාරදී තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි මිද්දෙණිය වැලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තොල් අවියක්, පතරොම් 01ක් සහ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයා ගෙන තිබේ.

    බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.