Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය. අදාළ නිවසේ හිමිකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර මෙම යුවළ තාවකාලික පදනම මත එම නිවසේ පදිංචිව සිට ඇති බව සඳහන් වේ. කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න…
ඖෂධ හිඟයට පිළියම් සෙවීමේදී එයට බාධා වී ඇත්තේ පවතින සමහර නීතිරීති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ රජය තුනෙන් දෙකේ බලයක් තබාගෙන එම නීති රීති වෙනස් කිරීමට නොහැකිද යන්න යමෙකුට ගැටලුවක් සේ පෙනුනද මේ සම්බන්ධව කටයුතු කිරීමේදි ඇතැම් නීතිරීති රෙගුලාසි අද ඊයේ පැන නැගුණු ඒවා නොව බ්‍රිතාන්‍ය සමයේ සිට පැවත එන එන බවත්ය. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි විපස්සි බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි. එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ පවතින නීති රීති වෙනස් කිරීමට උත්සාහ දැරීමේදී එය එකිනෙකට සම්බන්ධ බැවින් ඉතා කල්පනාකාරීව සිදුකළ යුතු බවත්ය. සෞඛ්‍ය…
දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇති බව එහි පාලනාධිකාරිය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇති බවය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ පසුගිය සිකුරාදා රාත්‍රී කාලයේදී හෝ සෙනසුරාදා දින අලුයම් කාලයේ දී මෙම සතුන් සොරකම් කරන්නට ඇතැයි සැකකරන බවය. සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කර ඇති අතර එම පරෙවියන් අධිකරණ නියෝග යටතේ විවිධ අවස්ථාවන්වලදී නඩු භාණ්ඩ ලෙස දෙහිවල සත්වෝද්‍යානයේ රදවා සිට ඇති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග යටතේ සත්ත්වෝද්‍යානයේ එම සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති…
තැපැල් සේවකයින් විසින් අනීතික ලෙස අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකළ ප්‍රකාශයට දැඩි ලෙස අප්‍රසාදය පල කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි. ඒ අනුව තැපැල්පතිවරයාගේ අදාළ ප්‍රකාශයට විරෝධය පල කරමින් එළැඹෙන 09 වැනිදා කළුපටි පැළඳ සේවයට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි.ජි.සී.නිරෝෂන මහතා පැවසුවේය. මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ද පැවසුවේ කිසිදු විමර්ශනයකින් තොරව තැපැල්පතිවරයා විසින් තැපැල් සේවකයින් හට සිදුකරන චෝදනාවලට දැඩි විරෝධය පල කරන බවත්ය. ඇඟිලි සළකුණ නොතබා තැපැල් සේවකයින් රුපියල් කෝටි ගණනක අතිකාල ලබාගෙන ඇති බවත් තැපෑලේ සිදුවන තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධවත් හපුතලේ ප්‍රදේශයේ පැවති උත්සවයකට…
පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් පන්දුව ගැනීමට ගිය පාසල් සිසුවෙකු පිහිනුම් තටාකයේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ සිසුවා තවත් සිසුන් පිරිසක් සමග පාසලේ ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රිකට් පන්දුව එම විද්‍යාලයේම පිහිනුම් තටාකයට වැටී ඇති අතර ඔහු එය ගැනීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට මුහුණ දී ඇත. මෙලෙස මියගොස් ඇත්තේ දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 17ක් වන පාසල් සිසුවෙකි. මෘත ශරීරය මෙ වන විට බතිගම රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට අධික තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. මොරටුව පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එහිදි ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 106ක්, අයිස් ග්‍රෑම් 478ක්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යතුරුපැදියක් ද විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදෙස් රටක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කළුබෝවිල අවිශ්ක“ යන අයගේ ප්‍රධාන ගෝලයෙකු වන “කළුබෝවිල චූටි“ නැමැත්තා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා ය. සැකකරුවන් 24 සහ 25 හැවිරිදි වියේ පසු වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්…
වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදුකරමින් පවතින බවය. සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා වෙළෙදුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේය. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු වේ නම් ඔහුට එරෙව නඩු පැවරීමේදී ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක්ද…
කඩුගන්නාව දුම්රියපොළ ආසන්නයේ දී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස කනත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි. මේ අතර මන්නාරම පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දී ද දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත. තලෛයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිව 32 හැවිරිදි අයෙකි.
ආණමඩුව ප්‍රදේශයේ කාන්තාවක් රවටා නිධානයක් ලබාගැනීම සඳහා තැම්පත් කිරීමට යැයි පවසමින් ඇයගේ රුපියල් ලක්ෂ 22කට ආසන්න රන් ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එකම පවුලේ මව, පියා හා දියණිය පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය ඌරාපොත්ත ප්‍රදේශයෙ පදිංචි 67 හැවිරිදි සැමියා, 48 හැවිරිදි බිරිද හා ඔවුන්ගේ දියණිය යැයි කියන 22 හැවිරිදි තරුණියක්ය. සිද්ධියට මුහුණ දුන් කාන්තාව වසර 10කට ආසන්න කාලයක් ඩුබායි රාජ්‍යයේ සේවය කර ඇති අතර ඇය දෙදරු මවක් වේ. ඇයගේ පල්ලම, කම්මන්දළුව ප්‍රදේශයේ පිහිටි තවත් ඉඩමක කුලී පදනමට රැදී සිටි එකම පවුලේ සැමියා, බිරිද හා දියණිය එක්ව මෙම සොරකම සිදු කර ඇත. එම සැකකරුවන්…
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන්ගත් සැකකටයුතු රියක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණි. ඒ එම නිලධාරීන් පෙන්වූ සීසීටීවී දර්ශනවල සැකකටයුතු රුවක් හඳුනාගනිමිනි. කෙසේවෙතත් ඉන් පසු කජ්ජාගේ 17 හැවිරිදි පුත්‍රයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිය මව කළ අනාවරණය ප්‍රතික්ෂේප කළ අතර අදාළ වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ටද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ ඇයිදැයි පොලිසියෙන් විමසා සිටියේය. කෙසේවෙතත් රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරුවී ඇති බව…