Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
අන්තර්ජාලය ඔස්සේ සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා සිදුවන බව පොලීසිය සඳහන් කළේය. මෙවැනි මුල්‍ය වංචා සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි වාර්තා වන බව ද පොලීසිය පවසයි. එබැවින් භාවිතකරන සමාජ මාධ්‍ය ජාලා ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය සමුහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදුකරන වංචනික පෙළඹවීම්වලට හසු නොවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම ගිණුම් අංක, මුරපද ආදී රහස්‍ය තොරතුරු බාහිර පුද්ගලයින්ට ලබා දීමෙන් වලකින ලෙසටත් දැනුම් දෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා පැවසීය. ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර…
පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම ගැසට් නිවේදනයක් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙස ද, ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබේ. අදාළ ගැසට් පත්‍රය ඔක්තෝබර් මස 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර, කලින් ඉවත් කළහොත් මිස හෝ එම පනතේ 5(3) වගන්තිය අනුව වලංගු…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකරු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. පසුගිය සිකුරාදා දින ඔහුව රුපියල් 50,000ක මුදල් සහ ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබුණි. එහෙත් පසුව අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේ දී නිවස තුළ තිබී අත්බෝම්බයක් හමුව ඇති අතර, ඒ අනුව ඔහුව නැවත අත්අඩංගුවට ගෙන මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක මාර්තු මස 11 වනදා රාත්‍රියේ සිය නිල නිවාසය තුළදී නාඳුනන පුද්ගලයකු අතින් දූෂණයට ලක්ව තිබුණි. අදාළ වෛද්‍යවරිය සුපුරුදු පරිදි පොරොත්තු…
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතරදී පොලීසිය විසින් වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවය. එහෙත් එම අණ නොතකා මෝටර් රථය ධාවන කර තිබේ. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති බව සඳහන්ය. නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවේය. මෝටර් රථයේ පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් තිබේ. මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බව සඳහන්ය. පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (07) රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි ඇති වන තාවකාලිකව තද සුළං ඇති වියවිට එම ප්‍රදේශවල හැකියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මිනීමැරිමේ චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටිය අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ ඇපෑල විභාගයට නොගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) නිෂ්ප්‍රභ කළේය. ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් ප්‍රකාශිත මරණීය දණ්ඩනය තහවුරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය. 2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුට තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අද (07) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති අතර හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා තංගල්ල කාල්ටන් නිවසට ගොස් තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාමයේ පිහිටි සිය නිල නිවසින් සැප්තැම්බර් මස 11 වන දා නික්ම ගියේය. ඒ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුවීමත් සමඟය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිල නිවස භාවිත කරමින් සිටියත් මෙම පනත අනුව ඔහුට ද එම වරප්‍රසාදය අහිමි වී ගියේය. ඒ අනුව ඔහු විජේරාමයේ පිහිටි නිල නිවසින් නික්ම හම්බන්තොට කාල්ටන් නිවස වෙත පැමිණි අතර, එදින සිට මේ දක්වා බොහෝ දේශපාලනඥයින් සහ හිටපු ජනාධිපතිවරයාට…
ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලර් 3,950 සීමාව පසු කර ඇතැයි වෙළෙඳ පොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව මෙරට රන් මිල ද සෙනසුරාදා දිනට සාපේක්ෂව රු 8,000කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව අද (07) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු.290,500ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 283,000ක් ලෙසය. මේ අතර සෙනසුරාදා රු. 306,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 314,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.