Author: LFN

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 2023 වසරේ දී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායල ජාතිකයින් 1,200 දෙනෙකු ඝාතනය කර තවත් 251 දෙනෙකු සිය ප්‍රාන ඇපයට ගනු ලැබීය. මේ හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලියින් 67,183 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර ඉදිරි දිනවල දී අමෙරිකානු ජනාධිපතිවරයා මැද පෙරදිග සංචාරයක නිරත වීමට ද නියමිතව ඇති බව…

Read More

අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය. මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන්ට ද අද (09) දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. කිසිදු හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ කිරීමක් සිදුනොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ. මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ…

Read More

2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2025 වර්ෂය වෙනුවෙන් පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස රුපියල් මිලියන 33,500 ක් වෙන් කරනු ලැබ ඇති අතර, 2025/26 මහ කන්නයේ වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති වී සහ වෙනත් ක්ෂේත්‍ර භෝග සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස තවත් රුපියල් බිලියන 05 ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මත පදනම්ව පොහොර සඳහා මූල්‍ය සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 05 ක අතිරේක ප්‍රතිපාදන සලසා…

Read More

2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල, බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය. “බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක්. බස් එකෙන් එන කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා ලොකු ඉල්ලීමක් තියෙනවා පුද්ගලික බස්හිමියන්ගේ සංගම්වලින් කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් හදලා දෙන්න කියලා. ගොඩාක් අය වටේ ගිහිල්ලා තිබුණා ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්.…

Read More

2020 වසරේ කිසිදු සාධාරණ සැකයක් නොමැතිව කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් තමන්ව අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එච්.ඩී.එම් ප්‍රේමතිලක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සන් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දී තිබේ. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළහ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි. මේ අතර අද (08) දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව ඊයේ දිනයේ රු 290,500ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රු 296,000 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, ඊයේ (07) දිනයේ 314,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද රු 320,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෝකයේ වඩාත් ප්‍රකට ක්‍රිප්ටෝ විනිමය වන බිට්කොයින් 1ක අගය ප්‍රථම වතාවට ඩොලර් 125,000 ඉක්මවුයේ පසුගිය සතියේය. රන්මිල මේවන…

Read More

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව ‍චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් එන් ඩී කරුණාරත්න මහත්මිය විසින් මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ බී සී කුලරත්න මහතාට මෙම නියෝගය සිදුකළ බවට වාර්තාවේ. යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මගින් පොළොන්නරුව දියබෙදුම ඉහනලුවැව පදිංචිකරුවන් තිදෙනෙකු සහ…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ දී 1.1%කින් ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 6.17ක් ලෙස දැක්වුණු අතර එය සැප්තැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් බිලියන 6.24 දක්වා ඉහළ ගොස් ඇත. මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් කථානායකවරයා වෙත භාරදී තිබේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ (07) එම යෝජනාව කථානායකකරයා වෙත භාරදී තිබුණි. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, වෛද්‍ය කවින්ද ජයවර්ධන යන මහත්වරුන් එක්ව සිටියේය. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතාද එක්ව සිටියේය. විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් භාරදුන් යෝජනාව පහතින්,

Read More

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යාපාරවලින් ලද රුපියල් මිලියන 757.4ක ලාභාංශ භාණ්ඩාගාරය වෙත භාරදී තිබේ. ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට මෙම ලාභාංශය නිල වශයෙන් භාර දී ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශවලින් කොටසක් මෙලෙස භාරදුන් බව සඳහන්ය. ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් ආයතනයේ වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500ක මුදලක් පසුගිය මාස 9 කාලයේදී ලැබූ…

Read More